News Line| Off Air| Games
Generic placeholder image

Aug
23

නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.

302 Views


නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.

නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් වුණා. ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71 320 ක්. අත්අඩංගුවට ගත් සැකකාරියන් පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප‍්‍රදේශ වල පදිංචිකාරිනියන්.

පසුගිය වසරේදී සහ මේ වසරේ ගත වූ කාල සීමාව තුල රත්රන් ජාවාරම් සම්බන්ධ සිද්ධීන් 65 බැගින් වාර්තා වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ පසුගිය වසරේ රත්රන් අත්අඩංගුවට ගැනීම මගින් ශ‍්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 304 ක ආදායමක් ලබා ඇති බවයි.

මේ වසරේදී රුපියල් මිලියන 787ක වටිනාකමින් යුත් රත්රන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් මිලියන 822ක්.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post