News Line| Off Air| Games
Generic placeholder image

Aug
25

අපරාධ කල්ලි සාමාජිකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට.

532 Views


අපරාධ කල්ලි සාමාජිකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට.

පන්නිපිටිය පැලැන්වත්ත ප‍්‍රදේශයේ ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලූ‍ සාගර නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී යතුරු පැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබූ හෙරොයින් ග‍්‍රෑම් 75 යි මිලිග‍්‍රෑම් 630ක් , ජංගම දුරකථන 2ක් හා යතුරු පැදියක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහරගම ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අද ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මෝටර් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාදිවෙල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post