News Line| Off Air| Games
Generic placeholder image

Aug
29

ගෝඨාභය රාජපක්‍ෂ ජනපති කොමිසම හමුවට.

413 Views


ගෝඨාභය රාජපක්‍ෂ ජනපති කොමිසම හමුවට.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට කොමිසම මගින් පසුගිය 21 වනදා නොතිසි නිකුත් කර තිබුණා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව කොමිසම නොතිසි නිකුත් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍‍්‍රමසිංහ සහ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන අයටයි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් මස 10 වනදා ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කර තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post