News Line| Off Air| Games
Generic placeholder image

Jun
23

සිසුන්ගෙන් පහර කෑ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට

1205 Views


සිසුන්ගෙන් පහර කෑ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට

සිසුන් පිරිසකගෙන් පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද අලූ‍යම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

ඔහු පසුගිය 15 වනදා දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම පහර කෑමට ලක් ඇති අතර පහර දීම සම්බන්ධයෙන් කිසිවකුටත් නොපවසන ලෙස ද ඔහුට තර්ජනය කර තිබුණා.  අනතුරුව හදිසියේ අසාධ්‍ය වූ එම සිසුවා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලටයි. එහිදී ශල්‍ය කර්මයකට භාජනය කළ සිසුවා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පහරදීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය 16 වනදා එම පාසලේම සිසුවෙකු ද පසුගිය 17 වනදා වෙනත් පාසලක සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

පහරකෑමට ලක්වූ සිසුවාගේ පාසලේම ඉගෙනුම ලබන සිසුවා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ලබන 26 වනදා දක්වායි. අනෙක් සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post