News Line| Off Air| Games
Generic placeholder image

Aug
16

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහර අද.

483 Views


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහර අද.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නිියමිතයි. ඒ පස්වරු 06 16 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛවයි.

පෙරහර දළදා වීදිය ඞී එස් සේනානායක වීදීය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය යටිනුවර වීදිය රජ වීදීය ඔස්සේ පැමිණ ගෙවැදිනු ඇතී.

රන්දෝලි පෙරහර 21 වනදා ආරම්භ වනවා. අවසන් රන්දෝලි පෙරහර ලබන 25 වනදා රාත‍්‍රී 7 යි 58 ට ආරම්භ කිරීමට නියමිතයි.

දිය කැපීමේ චාරිත‍්‍රය 25 වනදා අලූයම 01 යි 03 ට ගැටඹේ තොටේ දී සිදු කරන බවයි දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ.

පෙරහර මංගල්‍ය ක‍්‍රියාත්මක වන කාල වකවානුව තුළ මස් මාංශ වෙළඳසැල් සහ සුරාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගමනා ගමන මණ්ඩලය බස් රථ 700 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ. පෞද්ගලික බස් රථ 400 ක් පමණ ධාවනය කරවීමට කටයුතු යොදා තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post