News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට ප‍්‍රහාරයක්.

973 Views


තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට ප‍්‍රහාරයක්.

තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට හික්කඩුව පටුවත ප‍්‍රදේශයේ දී ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බස් රථයට ඉදිරියෙන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ගල් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීිසිය පැවසුවේ. ගල් ප‍්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුවට අලාභ හානි සිදු ව තිබෙනවා.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය ආරම්භ කල වැඩවර්ජනය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකයි.

මගී ප‍්‍රවාහන කටයුතු වල නිරත වූ පෞද්ගලික බස් රථ වලට පහර දුන් බවට වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පොලසියට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ සදහන් කලා.

වර්ජන ක‍්‍රියාත්මක කළ ද රථ වාහන වැරදි සදහා වූ නව නීතිය කිසිසේත් ඉවත් කර නොගන්නා බවයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.

රජය මගින් සිදුකල දඩ මුදල් ඉහල නැංවීම ඇතුලූ ගැටලූ කිහිපයකට විරෝධය පල කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය වැඩ වර්ජනයක නිරත වන්නේ පසුගිය 15 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිටයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post