News Line| Off Air| Games
Generic placeholder image

Aug
28

පොලොන්නරුවේ වනජීවී නිළධාරීන් වැඩ වර්ජනයක.

554 Views


පොලොන්නරුවේ වනජීවී නිළධාරීන් වැඩ වර්ජනයක.

පොලොන්නරුවේ ජාතික උද්‍යාන හතර ඇතුළු අඩවි ආරක්ෂක කාර්යාල නිළධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මින්නේරිය ජාතික උද්‍යානයේ සේවයේ නිරත වනජිවි නිළධාරින්ට පහර දුන් සියලූ‍ දෙනා අත්අඩංගුවට ගෙන නිතිය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින්.

පොලොන්නරුවේ වනජිවි නියාමකවරුන් සහ ක්‍ෂේත‍‍්‍ර සහායකවරුන් මේ වන විට පිටත රාජකාරි වලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ නිරත වනවා.

මින්නේරිය වනජීවි කාර්යයාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැුගෙන ගොස් ඇත්තේ පසුගිය 26 වනදා රාත‍්‍රියේ දීයි. පහරදීම සදහා සියයකට අධික පිරිසක් පැමින තිබුණා.

පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා ප‍්‍රතිකාර සදහා ඇතුළත් කලේ හඹරණ රෝහලට යි.

බල පත‍්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදි අදාළ සැකකරු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුව ගෙන තිබුණා.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post