News Line| Off Air| Games
Generic placeholder image

Aug
6

එක්දින ක්‍රිකට් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලටම යයි.

1639 Views


එක්දින ක්‍රිකට් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලටම යයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (05 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්‌දින ක්‍රිකට්‌තරඟාවලියෙන් 3-0 ක්‌ විදිහට පරාජයක්‌ ලැබුවා. මේ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී පිට පිටම ලැබූ පස්‌වැනි පරාජය වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලැබුවේ පිට පිටම ලද 11 වැනි එක්‌දින තරඟ පරාජය.

මීට අමතරව මව්බිමේදී පිටපිටම එක්‌දින තරඟාවලි පහක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා ගැනීමට නොහැකි වීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාව අවසන් අවසන් වරට මව්වබිමේදී එක්‌දින ශූරතාව දිනාගෙන තියෙන්නේ 2015 වසරේදී. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව.

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තිබ්බ එක්‌දින තරඟාවලියේදී සෑම අංශයකින්ම පරාජය වුන ශ්‍රී ලංකාවට ජය ගන්න පුළුවන් වුණේ කාසියේ වාසිය විතරයි. සිය උපක්‍රම වෙනස්‌ කරමින් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේදී කාසියේ වාසිය එක්ක පන්දු යෑවීම ශ්‍රී ලංකා නායකයා තෝරා ගත්තා. එත් දකුණු අප්‍රිකානුවන් ලකුණු 363 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගනිමින් ශ්‍රී ලංකාව දැඩි ප්‍රපාතයකට තල්ලු කර දැමුවා.

කොහොම වුනත් අදාළ ඉලක්‌කය ලබා ගැනීමට මුල් පෙළ පිතිකරුවන්ගෙන් ධෛර්යවන්ත හරඹයක්‌ අවශ්‍ය වුනත් උපුල් තරංග, නිරෝෂන් දික්‌වැල්ල, කුසල් පෙරේරා සහ තිසර පෙරේරා යන පිතිකරුවන් පස්‌දෙනකු ඕවර 19.3 ක්‌ වන විට ක්‍රීඩාගාරයේ අසුන්ගත්තා. මේ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 124 ට කඩුලු පහක්‌ වශයෙන් සටහන් වුණා. නායක ඇන්ජලෝ මැතිව්ස්‌ටද රැස්‌කරන්න පුළුවන් වුණේ ලකුණු 32 ක්‌ පමණයි.

කොහොම වුණත් ෂෙහාන් ජයසූරියව බංකුවේ තබමින් කණ්‌ඩායමට එක්‌ වූ ධනංජය ද සිල්වා ලකුණු අතරට ආවා. ඒ නිසාම සිව්වැනි එක්‌දින අර්ධ ශතකය වාර්තා කරන්න ඔහුට පුළුවන් වුණා. මුල් පෙළ පිතිකරුවන් අතරින් අකිල ධනංජය ඔවුන්ට දැනෙන පිති ප්‍රහාරයක නිරත වුණා.

දකුණු අප්‍රිකානුවන්ගේ ආධුනිකයා වුණ රීසා හෙන්රික්‌ස්‌ පන්දු 89 කදී හතරේ පහර 08 ක්‌ සහ හයේ පහරක්‌ එක්ක ශාතකයක්‌ උදුරා ගත්තා. ඒ වෙලාවේ න් පළමු තරඟයේදීම එවැනි හපන්කමක්‌ කළ ලොව 14 වැන්නා විදිහට ඔහු ඉතිහාසයට එකතු වුණා.


News Articles
Latest Videos
Most Popular Post