News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරඟාවලි ජය ලංකාවට සිහිනයක්ම වෙයි.

1246 Views


කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරඟාවලි ජය ලංකාවට සිහිනයක්ම වෙයි.

කොදෙව්වන් සමඟ පැවති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයපරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා. බාධක මැද්දේ පැවැත් වුන මේ තරඟය දැඩි කතා බහට ලක් වුණා. මේ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් එක්ක තරඟාවලිය 1 – 0 ක් විදියට පෙරමුණ ගන්න කොදෙව්වන් සමත් වුණා. ඒ වගේම කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගැනීමේ ලංකාවේ බලාපොරොත්තු සුන් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 253 ක් ලබා ගත්තා. පිළිතුරු විදියට කොදෙව්වන් පලවෙනි ඉනිමට ලකුණු 300 ක් රැස් කරා. දෙවෙනි ඉනිමට ලංකාව ලකුණු 342 ක් ලබා ගත්තා. තරඟය අවසන් වෙද්දී කොදෙව්වන්ට දෙවෙනි ඉනිමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 147 ක් විතරයි.
ඔවුන්ගේ කඩුලු 5 ක් බිඳ වැටුණා.

හොප් ලකුණු 39 යි. කාර්ලෝස් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 59 ක් ලබා ගත්තා. නායක හෝල්ඩර් නොදැවී ලකුණු 15 යි. සුරංග ලක්මාල් සහ රාජිත කඩුලු 2 බිඳ හෙලුවා. තරඟයේ වීරයා ශැනොන් ගේබ්‍රියල්.


News Articles
Latest Videos
Most Popular Post