News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

සිංහයන් ප්‍රේක්ශකාගාරයට ඇවිත් ජය පැන් බිවූ හැටි.

1662 Views


සිංහයන් ප්‍රේක්ශකාගාරයට ඇවිත් ජය පැන් බිවූ හැටි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. අවසාන දිනය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 81 රැස්කරගෙන සිටියා. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 63ක් විතරයි අවශ්‍ය වුණේ.

කුසල් පෙරේරා සමගින් එක්වූ දිල්රුවන් පෙරේරා නොබිඳුනු ළකුණු 63ක සබන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙත රැගෙන ආවා.එහිදී කුසල් පෙරේරා පන්දු 43කදී නොදැවී ලකුණු 28ක් රැස් කළා.

මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වූයේ බිජස්ටවුන්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරඟයක් ආසියානු කණ්ඩායමක් ජය ලබාගත් පළමු අවස්ථාව විදිහට.

තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් පස්සේ ක්‍රීඩාගාරයට ඇවිත් ජයග්‍රහණය සමරුව විදිහ…

තරඟයේ විශේෂ අවස්ථා පහතින්…

 


News Articles
Latest Videos
Most Popular Post