News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

ධනුශ්කව වැරදි පාරට ගෙන ගියේ කළමණාකරු අසංකද? – Exclusive

6379 Views


ධනුශ්කව වැරදි පාරට ගෙන ගියේ කළමණාකරු අසංකද? – Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් කාලයක් තිබ්බේ වැටෙන්න ඕන අන්තිම අඩියට වැටිලා. හැබැයි මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් අළු ගසා දාලා නැගිටින්න හදන්නේ. ඒ වගේ වෙලාවක රටක් ආදරය කරන ක්‍රිකට් විනාශ වෙන පොඩිම හරි සිදුවීමක් තියෙනවා නම් ඒ ගැන බලධාරීන්ට දැනුම් දෙන එක අපගේ වගකීමක්.

ධනුෂ්ක ගුණතිලකට ඊයේ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර තරඟ තහනමක් පැනෙව්වා. ඒ පහුගිය සෙනසුරාදා රාත්‍රී සමාජ ශාලාවකදී නයිජිරියානු තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට සම්බන්ධව. ධනුෂ්කගේ හොඳම යාළුවා මේ තරුණියන් අතවරයට ලක් කරා කියලා තමයි ඒ සිද්ධියට ප්‍රධාන සැකකරු විදියට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

නරක යාළුවන් ආශ්‍රය නිසා ධනුෂ්කත් මේ වෙද්දී ලොකු කරදරේක පැටලිලා ඉන්නේ. සියත 24 වෙත වාර්තා වුන ආකාරයට ධනුෂ්කගේ මේ යාළුවා සන්දීප් සෙල්ලයියා නමැති එංගලන්ත ජාතිකයෙක්. ඔහු ලොකු සල්ලිකාරයෙක් කියලා තමයි වාර්තා වෙන්නේ. ධනුෂ්කට සන්දීප්ව මුණගැහෙන්නේ ඔහුගේ ක්‍රිකට් කළමනාකරු අසංක හරහා. අසංක කියන්නේ ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන චෝදනා ලබා ඉන්න පුද්ගලයෙක්.

ඔහු ධනුෂ්ක ඇතුළු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු විදියට කටයුතු කරනවා. මේ නිසා ඉදිරියේදී තවත් ක්‍රීඩකයින් අසංකගේ බිල්ලක් වෙයි කියලා සාධාරණ බියක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරනා බහිරවයෙක් වගේ කටයුතු කරන අසංක නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම රාත්‍රී සමාජ ශාලා වලට හුරු වෙලා තියෙනවා.

මේ වගේ භයානක පුද්ගලයින්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීමේ වගකීම ක්‍රිකට් බලධාරීන් සතු වෙනවා. අසංක වගේ පුද්ගලයින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඉවත් නොකරොත් ලෝකයේ හොඳම කණ්ඩායම ගෙනාවත් ක්‍රිකට් වලපල්ලට යන එක නම් නවත්වන්න බැරි වෙනවා.

ධනුෂ්ක සහ ඔහුගේ මිතුරා රාත්‍රී සමාජ ශාලාවල ගත කරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post