News Line| Off Air| Games
Generic placeholder image

Sep
11

ක්‍රිකට් ආයතනයේ මිලියන 5ක වංචාවේ සුලමුල මෙන්න

748 Views


ක්‍රිකට් ආයතනයේ මිලියන 5ක වංචාවේ සුලමුල මෙන්න

මුල්‍ය වංචා කියන්නේ දැන් ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ වගේ මුල්‍ය වංචා කරන පරක්කුවෙන් මාධ්‍යට දැනගන්න ලැබෙනවා. මේ ඒ වගේ සිදුවීමක්. පහුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ මහා පරිමාණ මුල්‍ය වංචාවක් හෙළි වුණා.
එළැඹෙන එංගලන්ත තරඟ සංචාරයේ විකාශන අයිතිය ලබා දෙන්න ශ්‍රී  ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු මුදල් විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කරගෙන. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය කියලා තිබුනේ මෙය ඩොලර් මිලියන 5.5ක වංචාවක් කියලයි.
මේ ආරංචියත් සමඟ තරඟ විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමක් ද සිදු කර තිබුණා. එහිදී ඔහු කියලා තිබ්බේ අදාළ ගනුදෙනුව පිළිබඳව සොයා බලා, සවිස්තර අධ්‍යනයකින් පසුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවයි.
ඒ අනුව ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත මේ ගැන FCID ට පැමිණිලි කළා කියලත් කියනවා. ආරංචියේ හැටියට නම් හොංකොං වල පෞද්ගලික ගිණුමකට මේ මුදල් බැර කරන්න උපෙදෙස් දීලා තියෙන්නේ ඊමේල් පණිවුඩයක් හරහා.
හැබැයි ක්‍රිකට් ආයතනය, මේ වංචාවට සම්බන්ධ අය කවුද යන්න අනාවරණය නොකිරීමටත් වග බලාගෙන තිබුණා. ඒ වගේම වසරක කාලයක් තුළ ක්‍රිකට්  ආයතනයේ සිදු වූ ගනුදෙනු විගණනය කිරීමට පියවර ගත් බවත් ක්‍රිකට් ආයතනය කියනවා.
කොහොම වුණත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු මේ පැමිණිල්ල ගැන තමන් දැනුවත් නැහැ කියලයි පොලිස්පතිවරයා නම් කියන්නේ. ඒ විතරක් නෙවෙයි පැමිණිල්ල සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නැත්නම් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට ද කියලා ක්‍රීඩා අමාත්‍ය  ෆයිසර් මුස්තෆා මහතා ද නොදැන සිටියා කියලයි ඔහු විමසීමකදී කියලා තිබ්බේ.


News Articles
Latest Videos
Most Popular Post