News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

තරංග, ධනුෂ්ක සහ දසුන් යලිත් T20 පිටිය හොල්ලයි.

3728 Views


තරංග, ධනුෂ්ක සහ දසුන් යලිත් T20 පිටිය හොල්ලයි.

SLC T20 ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ 2 ක් පැවැත්වුණා. ඒ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර සහ නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර. පළවෙනි තරඟය තිබ්බේ ගාල්ල සහ කොළඹ අතර. ඒ තරගයෙන් පහසු ජයක් ලබා ගන්න කොළඹ කණ්ඩායම සමත්වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම ලකුණු 131 ක් රැස් කර ගත්තා. ඒ කඩුලු 7 ක් දැවී. කුසල් මෙන්ඩිස් ලකුණු 36 යි. ධනංජය ලකුණු 44 යි. අකිල ධනංජය කඩුලු 3 ක් දවා ගත්තා.

පහසු ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 16 කදී ජයග්‍රහණය ලබා ගත්තා. අනුකම්පා විරහිත පිතිහරඹයක නිරතවුන උපුල් තරංග ලකුණු 81 යි. ඒ 4 පහර 8 ක් සහ 6 පහර 5 ක් සමඟ. නායක චන්දිමාල් නොදැවී ලකුණු 38 යි. කසුන් රජිත කඩුලු 2 ක් දවා ගත්තා.

නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟයෙන් මුලිනම් ලකුණු රැස් කරේ දඹුල්ල කණ්ඩායම. තියුණු සටනකින් පස්සේ ලකුණු 6 ක ජයක් ලබා ගන්න දඹුල්ල කණ්ඩායම සමත් වුණා. ඔවුන් දැවැන්ත ලකුණු 217 ක් ලබා ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 87 යි. ඒ 4 පහර 14 ක් සහ 6 පහරක් සමඟින්. රමිත් රඹුක්වැල්ල ලකුණු 38 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉසුරු උදාන පන්දු 9 කදී ලකුණු 27 යි. ලහිරු ගමගේ කඩුලු 2 ක් දවා ගත්තා.

දැවැන්ත ලකුණු සංඛාවක් හඹා යන්න නුවර කණ්ඩායම ප්‍රභල උත්සාහයක් ගත්තා. මුල්පෙළ එකාපිට එකා දැවී යද්දී දසුන් ශානක සහ චරිත් අසලංක ඉනිම සමත් වුණා. අසලංක ලකුණු 43 යි. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ලකුණු 81 යි. ඒ 4 පහර 5 ක් සහ 6 පහර 5 ක් සමඟින්.

අවසන් මොහොතේදී නිසල් තාරක සහ ලසිත් මාලිංග ජයග්‍රහණය ලබා ගන්න ප්‍රභල සටනක යෙදුනා. නිසල් නොදැවී ලකුණු 34 යි. මාලිංග නොදැවී ලකුණු 14 යි.


News Articles
Latest Videos
Most Popular Post