News Line| Off Air| Games
Generic placeholder image

Aug
30

කුසල් ජනිත්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්.

2039 Views


කුසල් ජනිත්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්.

SLC T20 තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල – දඹුල්ල කණ්ඩායම් සහ කොළඹ සහ නුවර – කොළඹ කණ්ඩායම් අතර. පළවෙනි තරඟය පැවැත්වුණේ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර.

මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම් ලකුණු 163 ක් ලබා ගත්තා. ඒ කඩුලු 8 ක් දැවී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 58 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 4 ක් ඇතුලත් වුණා. ඇන්ජලෝ පෙරේරා ලකුණු 34 යි. අමිල අපොස්නු කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල කණ්ඩායමට රැස් කර ගන්න පුළුවන් වුණේ ලකුණු 125 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 9 ක් බිඳ වැටුණා. හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 73 යි. ඒ 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් සමඟින්. වෙනත් කිසිම පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ලැබුණේ නෑ. කසුන් රජිත කඩුලු 4 ක් දවා ගත්තා.

කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න නුවර කණ්ඩායම සමත් වුණා. මුලින්ම ලකුණු රැස් කල කොළඹ කණ්ඩායම් ලකුණු 165 ක් ලබා ගත්තා. ඒ කඩුලු 7 ක් දැවී. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54 යි. ඒ 4 පහර 4 ක් සහ 6 පහර 3 ක් සමඟින්. ප්‍රියමාල් පෙරේරා ලකුණු 30 යි. මලින්ද පුෂ්පකුමාර කඩුලු 2 යි.

නුවර කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්න කුසල් ජනිත්ගේ සහ දසුන් ශානකගේ සුපිරි සම්බන්ධතාව සමත් වුණා. පිටිය පුරා ගිනිකෙළි සංදර්ශනයක් මවන්න කුසල් ජනිත් සමත් වුණා. ඔහු ලකුණු 84 ක් ලබා ගත්තා. 4 පහර 6 කින් සහ දැවැන්ත 6 පහර 6 කින් කුසල්ගේ ඉනිම වර්ණවත් වුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තා. ඒ 4 පහර 3 ක් සහ 6 පහර 5 ක් සමඟ. ෂෙහාන් ජයසූරිය කඩුලු 2 ක් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post