News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට බෝනස්.

880 Views


ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට බෝනස්.

රජයේ සේවකයින්ට බෝනස් ගන්නවා කියන්නේ ඉතිං නිධානයක් ගන්නවා වගේ තමයි. හැබැයි ඉතිං ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලබන විදියට බෝනස් දෙන්නේ කලාතුරකින්.

ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමුවරට සියලුම සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. මේ වෙනකන් ඔවුන්ට දුන්නේ රුපියල් 5000 ක ප්‍රසාද දීමනාවක් විතරයි. රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්න නියමිතයි.

2017 වසරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,618ක ලාභයක් ලැබුවා. මේ වනවිට එහි සේවකයන් 30,492ක් පමණ සේවය කරනවා. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවාණාගාරයේ දී.

දැන් ගමනා ගමන මණ්ඩලය පෞද්ගලිකකරණය කරන්න අවශ්‍ය නා කියලත් එතුමා සඳහන් කරා. අනිත් ආයතනත් කැපවෙලා වැඩ කරොත් බෝනස් එකක් ගන්න බැරි වෙන එකක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post