News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

“අපේ රටේ දේශපාලනය කුණු ගොඩක්…ඒ කුණු ගොඩට වැටෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.” – සමනළී ෆොන්සේකාගේ අලුත්ම තොරතුරු මෙන්න.

323 Views


“අපේ රටේ දේශපාලනය කුණු ගොඩක්…ඒ කුණු ගොඩට වැටෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.” – සමනළී ෆොන්සේකාගේ අලුත්ම තොරතුරු මෙන්න.

අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ‘දැවෙන විහඟුන්’ සිනමාපටය මේ දවස්වල තිරගත වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සමනලී ෆොන්සේකා. සමනලී නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. එත් විවිධ චරිත කැමරාව ඉදිරියට ගෙන එන දක්ෂ නිලියක් හැටියටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. සමනළීගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කියල තිබුණා.

මොනවද මේ දවස්වල කරන්නේ?
වැඩ කිහිපයක්ම කළා. ඒවා ඉදිරියට එන්න තියෙනවා. ඇතැම් නිර්මාණ තවමත් රූගත කිරීම් කරගෙන යනවා.

මොනවද එම නිර්මාණ.
මාලක දේවප්රියගේ ‘බහුචිතවාදියා’, චින්තන ධර්මදාසගේ ‘ඇවිළෙන සුළුයි’, රංජන් ප්රයන්තගේ ‘විසංයෝගය’, බූඩි කීර්තිසේනගේ ‘රිකිදින්’ චිත්රපටය කියන නිර්මාණයි.

දැවෙන විහඟුන් සිනමා පටය පසුගිය දා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. එහි ඔබ රංගනයේ යෙදෙන චරිතය කෙබඳුද?
88, 89 යුගයේ දි මෙරට ඇති වූ භීෂණයෙන් අහිමි වු ජීවිතවල පවුල්වල ඇති වූ ඛේදවාචකය තමයි මෙම චිත්රපටයේ කතා තේමාව. එහි මම නිරූපණය කරන්නේ පියා අහිමි වු පවුලක ලොකු දුවගේ චරිතය.

ඔබ රංගනයට පිවිසෙන්න පවුල් පසුබිම බලපෑවා ද?
මගේ නැන්දා මාලනී ෆොන්සේකා. ඇය ගැන මේ රටේ සියලු දෙනාම දන්නවා. ඇයගේ ආභාසය මා රංගන ශිල්පිනියක වීමට බලපෑවා වගේම මටත් පුංචිකාලයේ සිටම රංගන ශිල්පිනියක වීමේ හීනය තිබුණා.

රංගනයට යොමු නොවුණා නම් සමනලී කවුරු වෙයි ද?
අවුරුදු පහෙන් පළමුවරට කලාවට සම්බන්ධවුණේ. ඉන් පසු 1998 සිට දිගටම රංගනය මගේ වෘත්තිය වුණා.

දේශපාලනයට සම්බන්ධ වුණා නම් ?
අපෝ කතාකරන්න එපා අපේ රටේ දේශපාලනය ගැන. ඒක කුණු ගොඩක්. ඒ කුණු ගොඩට වැටෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.

රංගන ශිල්පිනියක වීමෙන් මොනවද ලැබුණේ…
ගොඩක් දේවල් ලැබුණා. ජීවිතය පුළුල් වුණා. යමක් දිහා පුළුල් ලෙස බලන්න පුරුදු වුණා. සම්මාන, මුදල්වලට වඩා ගොඩක් දේවල් ලැබුණා.

එහෙනම් ඇයි කලක් රංගනයෙන් ඈත්වෙලා විදෙස්ගත වුණේ?
ලංකාවේ කලාව කරන්න අමාරුයි කියලා හිතුණා. ඒ කාලයේ අපේ කලාව මෙගා රැල්ලට ගසාගෙන ගිහින් තිබුණේ. නැවතත් කලාවේ හොඳ තත්වයක් ඇතිවන ලකුණු පෙනුණු නිසා ලංකාවට ආවා.

ලංකාවෙ ඉපදුණේ නැත්නම්.?
ලංකාවේ ඉපදුණේ නැත්නම් වෙන කොහේ හරි රටක ඉපදෙයි.

ලංකාවට අමතරව කැමැති වෙනත් රටක් තියෙනවද?
මම කලක් විදේශගත වෙලා සිටි කෙනෙක් නිසා අත්දැකීමෙන් කියන්නේ මම කැමැතිම රට ලංකාව. අපි බද්ධවෙලා සිටින්නෙ මේ රටත් එක්ක. අපේ රටට, අපේ ජාතියට මේ රටේ අනන්යතාවක් තියෙනවා. ඒක නිසයි මම මගේ රටට කැමැති.

ලෝකෙ වටේ යන්න ලැබුණොත්?
එහෙම ලැබුණොත් ලෝකෙ තියෙන හැම රටකටම යන්න කැමැතියි. මොකද හැම රටකම ඒ ඒ රට වලට වෙන් වූ සුවිශේෂි ස්ථාන සහ සංස්කෘතීන් තිබෙනවා. ඒවා දකින්න සහ නරඹන්න කැමැතියි.

ජීවිතයේ ඉලක්කයක් තියාගෙන ද වැඩ කරන්නේ?
මගේ ජීවිතේ ඉලක්ක නෑ. ඒ ඒ අවස්ථාවට උචිත ලෙස වැඩ කරනවා. ඒ අවස්ථාවට හොඳම විදිහට තීරණ ගන්නවා.

පෙනුම වෙනස් කරන්න ලැබුණොත්..
මම කැමැතියි මගේ පෙනුමට.

රංගනය වෙනුවෙන් සම්මාන බලාපොරොත්තු වෙනවද?
අපෝ නෑ. සම්මාන ගැන බලාපොරොත්තුවක් නෑ. හොඳ නිර්මාණයක් ලැබුණොත් එම චරිතයෙන් යමක් කරන්න පුළුවන්නම් විතරක් භාර ගන්නවා. නමුත් මගේ රංගනය වෙනුවෙන් විවිධ සම්මාන මට මේ වනවිට ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post