News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

දුම් පිඹින අලියාගේ රහස හෙළිවෙයි. – Video

632 Views


දුම් පිඹින අලියාගේ රහස හෙළිවෙයි. – Video

අලියාගේ නැට්ටේ එල්ලිලා ගමරාල දිවය ලෝකේ ගිය කතාව, අන්ධයෝ ඇතාගේ හැටි කියපු කතාව අපි පොඩි කාලේ අහලා තියෙනවනේ. හැබැයි අම්ම මුත්තා පොඩි කාලෙවත් අලි දුම් පිට කරනවා කියලා අහලා තියෙනවද. දුම් පිට කරන මකරු ගැන මිසක් අලි ගැන අහලා නැනේ.

හැබැයි ඔන්න දැන් දුම් පිට කරන අලියෙක් හැබැහින් දකින්න ලැබිලා තියෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ “නගර්හෝල්” වනයේදී තමයි මේ අලියා හම්බෙලා තියෙන්නේ. 2016 අප්‍රේල් මාසයේ තමයි මේ අලියා දැක ගන්න ලැබිලා තියෙන්නේ. හැබැයි මේ අලියාව වීඩියෝ කරපු විද්‍යාඥයා ඒ දවස්වල මේ සිදුවීම එතරම් ගණන් අරගෙන නෑ.

“අපේ දැනුමට අනුව වන අලියෙකුගෙන් මේ වගේ හැසිරීමක් ප්‍රදර්ශනය කෙරුණ පළවෙනි අවස්තාව මේක. මේ සිදුවීම විද්‍යාඥයන්ට සහ ප්‍රවීණයන්ට ප්‍රෙහෙලිකාවක් ” කියලයි. ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජය කිව්වේ. මේ ඇතින්න බිම තියෙන අඟුරු වැනි යමක් ආහාරයට ගන්නා බවකුත් පෙන්න තියෙනවා කියලා ඔවුන් වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post