News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරයේ කාල සටහන මෙන්න.

3618 Views


දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරයේ කාල සටහන මෙන්න.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද ලංකාවට එනවා. ඔවුන් ලංකාවේදී ටෙස්ට් තරඟ 2 කට, එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයක සහභාගී වෙන්න නියමිතයි.

පළවෙනි ටෙස්ට් තරඟය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙන්න නියමිතයි. දෙවෙනි ටෙස්ට් තරඟය ජූලි 20 වෙනිදා කොළඹදී පැවැත් වෙනවා.

පළවෙනි එක්දින තරඟ 2 දඹුල්ලේදී පැවැත් වෙනවා. පළවෙනි තරඟය ජූලි 29 වෙනිදාත් දෙවෙනි තරඟය අගෝස්තු 1 වෙනිදාත් පැවැත් වෙනවා. තුන්වෙනි සහ හතරවෙනි එක්දින තරඟ පැවැත් වෙන්නේ නුවරදී. 3 වෙනි එක්දින තරඟය අගෝස්තු 5 වෙනිදාත් 4 වෙනි එක්දින තරඟය අගෝස්තු 8 වෙනිදත් පවත් වන්න නියමිතයි.

අවසන් එක්දින තරඟය අගෝස්තු 12 වෙනිදා කොළඹදී පැවැත් වෙනවා. දෙරට අතර පැවැත් වෙන එකම T20 තරඟයත් පැවැත් වෙන්නේ කොළඹ. ඒ අගෝස්තු 14 වෙනිදා.


News Articles
Latest Videos
Most Popular Post