News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

දකුණු අප්‍රිකාව ඉදිරියේ වාර්තාගත පරාජය ශ්‍රී ලංකාවට හිමි වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

825 Views


දකුණු අප්‍රිකාව ඉදිරියේ වාර්තාගත පරාජය ශ්‍රී ලංකාවට හිමි වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දවල් 2.30 ට තමයි තරඟය ආරම්භ වෙන්නේ. ඊට කලින් අද තරඟය ලංකාවට මොනවගේ බලපායිද කියලා අපි හොයලා බැලුවා.

කණ්ඩායම් දෙකම අද පිටියට එන්නේ ප්‍රධාන බලාපොරොත්තු 2 ක් සමඟින්. ලංකාව පිට පිට 10 වෙනි වතාවටත් පරාජය කරන එක තමයි දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තුව. ඒ අවනම්බුවෙන් ගැලවෙන්න තමයි අද ලංකාව පිටියට එන්නේ.

දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතිල්ල පළවෙනි තරඟයට වැඩ ලොකු වෙනසක් වෙලා නෑ. ඒ නිසා අද තරඟයේත් වේග පන්දු යවන්නන්ට වැඩි ලබා ගන්න පුළුවන්. ඒ නිසා ලංකාවට රාබඩාගේ මාරක පන්දුවෙන් ගැලවෙන්න වෙයි. සුරංග ලක්මාල්ට තරඟය ජයග්‍රහණය කරන්න වැඩි වගකීමක් ගන්න වෙයි.

කොහොම වුනත් පළවෙනි තරඟයේ දඟ පන්දු යවන්නන්ටත් පන්දුව කැරකෙනවා දැක්කා. ඒ නිසා අකිල ධනංජයට සුපුරුදු දස්කම් පෙන්නන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.

පළවෙනි තරඟයේදී පිතිකරුවන්ගෙන් සාර්ථක වෙන්න පුළුවන් වුණේ කුසල් ජනිත්ට සහ තිසර පෙරේරාට විතරයි. ලංකාවේ මුල්පෙළ සහ මැදපෙළ අනිත් කිසිම පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ලැබුණේ නෑ. ලංකාවට හොඳ ආරම්භයක් ලබා දෙන්න අඅර් ආරම්භක පිතිකරුවන්ට සිද්ධ වෙනවා. හොඳ ආරම්භයක් නැති ගොඩක් අවස්ථාවල ලංකාව පරාජය වීමේ වැඩි ඉඩක් තියෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අද වෙනස්කම් දෙකක් වෙනවා කියලා ආරංචි වෙනවා. ආබාධයකට ලක්වුන ලහිරු කුමාර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවන්න නියමිතයි. ඒ වගේම ලක්ෂාන් සඳකැන් වෙනුවට ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට කැඳවන්න සූදානමකුත් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post