News Line| Off Air| Games
Generic placeholder image

Jul
25

ගලක් නිසා ව්‍යාපාරිකයෙක් ගෙන් අධිවේගයට නඩු.

3260 Views


ගලක් නිසා ව්‍යාපාරිකයෙක් ගෙන් අධිවේගයට නඩු.

කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනවා කියනවනේ. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ යද්දී එක්කෝ වේගයෙන් ගියා කියලා පොලීසිය දඩ ගහනවා. එහෙම නැත්නම් වාහනේ ආරක්ෂක වැටක වැදුනා කියලා මාර්ග සංවර්ධන අධිකාරියෙන් දඩ ගහනවා.

හැබැයි අධිවේගයේ තිබ්බ ගලක් නිසා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වන්දි ඉල්ලපු පුවතක් වාර්තා වෙනවා. මහරගම පදිංචි ව්‍යාපාරිකයෙක් තමයි මේ විදියට වන්දි ඉල්ලලා ඊයේ (24) බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරලා තියෙන්නේ.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුලු වී මෝටර් රථය මාතර දෙසට ධාවනය කරලා තියෙනවා. එහම යද්දී මෝටර් රථයේ ඉදිරිපස වම් රෝදයේ හුළං ගිහින්. මෝටර් රථය මාර්ගයේ නවතා පරීක්ෂා කිරීමේදී අධිවේගී මාර්ගයේ කලු ගලක් තියෙනවා දැක්කා කියලා ඔහු පැමිණිල්ලේ සඳහන් කරලා තියෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ඇමතූ පසු පැය දෙකකට පස්සේ අපදා රථය ඇවිත් මෝටර් රථය පටවාගෙන ගිහින් තියෙනවා. ඒ වෙනුවෙන් රුපියල් 2500ක මුදලක් හා ටිකට් පතට අය විය යුතු රුපියල් 250ක මුදලත් මේ ව්‍යාපාරිකයාගෙන් අය කර ගෙන තියෙනවා. ඒ වගේම අලුත් ටයරයක් දාන්න ඔහුට රුපියල් 12,000 ක මුදලක් වැය වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post