News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

දීපිකා පදුකෝන් ශ්‍රී දේවිට පණ දෙයි.

662 Views


දීපිකා පදුකෝන් ශ්‍රී දේවිට පණ දෙයි.

බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තරුව ශ්‍රී දේවි අකාලයේ දිවියෙන් සමුගත්තා. ඒ රිදී තිරයේ සුන්දර සිහිවටන රැසක් ඉතිරි කරලා. ශ්‍රී දේවිගේ අමරණිය මතකයන්ට යළිත් පණ දෙන්න ඉන්දියාව සූදානම් වෙනවා.

ඒ ශ්‍රී දේවිගේ රංගනයන් ඇතුලත් චිත්‍රපට කිහිපයක් යළිත් ප්‍රතිනිර්මාණය කරලා. Chaalbaaz, Roop Ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr India වැනි චිත්‍රපට ඒ අතර වෙනවා.

ශ්‍රී දේවිගේ රංගන දායකත්වය ලද හාස්‍යමය සිනමා නිර්මාණයක් වූ Chaalbaaz මුලින්ම නිර්මාණය කරන්න නියමිතයි. ෆාරා ඛාන් තමයි ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ.මේ චිත්‍රපටියේ ශ්‍රී දේවි ද්විත්ව චරිත නිරූපණය කරා.

ශ්‍රී දේවිට ආයෙත් පණ දෙන්න දීපිකා පදුකෝන්ට අවස්ථාව ලැබේවි කියලා බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post