News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

බස් TV තහනම් කරන්න මඟීන්ගෙන් ඉල්ලීමක්.

1058 Views


බස් TV තහනම් කරන්න මඟීන්ගෙන් ඉල්ලීමක්.

අද කාලයේ TV එකක් නැත බුස් එකක් ලංකාවේ හොයා ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ TV වල යන දේවල් දකිද්දී මඟීන්ට දවල් තරු පේනවා. ගොඩක් වෙලාවට දරුවන් සමඟ ගමන් කරන දෙමව්පියන් තමයි මේ නිසා අපහසුතාවයට පත් වෙන්නේ.

පහුගිය කාලයේ අසභ්‍ය දර්ශන පවා බස්රථවල ඇති TV එකේ Play වුනා කියලා පැමිණිලි ලැබිලා තියෙනවා. මේ නිසා මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන්න නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය තීරණය කරලා තියෙනවා.

මේ තීරණය මුළු රටේම ක්‍රියාත්මක කරන්න කියලා බස්රථ මඟින් ඉල්ලා සිටිනවා. කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ලංකාවේ සියලුම පළාත්වල බස්රථවල ඇති රූපවාහිනී යන්ත්‍ර තහනම් කරන්න කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

මේ තීරණය මුළු රටේම ක්‍රියාත්මක වුනොත් නිවිසැනසිල්ලේ බස්රථයේ ගමන් කරන්න මඟීන්ට පුළුවන් වේවි.


News Articles
Latest Videos
Most Popular Post