News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

“හැමෝම එකතු කරගෙන 2020 දී ලංකාවේ පළවෙනි චන්ද්‍රිකාව අහසට යවනවා.” – ලංකාවේ තරුණයෙක් පළවෙනි වරට චන්ද්‍රිකා ගැන කතා කරයි.

7249 Views


“හැමෝම එකතු කරගෙන 2020 දී ලංකාවේ පළවෙනි චන්ද්‍රිකාව අහසට යවනවා.” – ලංකාවේ තරුණයෙක් පළවෙනි වරට චන්ද්‍රිකා ගැන කතා කරයි.

තාක්ෂණයේ යෝධ පිම්මක් විදියට චන්ද්‍රිකා තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයෙක් වුන ආතර සී ක්ලාක් මහතා තමයි චන්ද්‍රිකා තාක්ෂණය ගැන සංකල්පය ලෝකයට හඳුන්වලා දුන්නේ. හැබැයි තාමත් ලංකාවට එකම චන්ද්‍රිකාවක් වත් අභ්‍යවකාශයට යවා ගන්න බැරි වෙලා තියෙනවා.

චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න පුළුවන් තාක්ෂණය සහ දැනුම තියෙන පුද්ගලයින් ලංකාවේ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලැබෙනවා නම් මේ වෙද්දී හඳට යන්නත් ලංකාවට පුළුවන් වෙලා. කොහොම වුනත් රජයේ කිසිම සහයෝගයක් නැතුව චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න හදන ශ්‍රී ලාංකිකයෙක් ගැන අපිට ආරංචි වුණා.

ඔහු තුෂාර සෙනරත්. ලංකාවේ නම අභ්‍යවකාශයට ගෙනියන්න හදන ඔහු මුලින්ම නැනෝ චන්ද්‍රිකාවක් කක්ෂගත කරන වැඩේට අත ගහලා තියෙනවා. ලංකාවේම දක්ෂයන් එකතු කරගෙන 2020 දී මේ චන්ද්‍රිකාව ලංකාවේ නමත් එක්ක අභ්‍යවකාශයට යවන එක තමයි තුෂාරගේ ඉලක්කය වෙලා තියෙන්නේ.

ඒ වගේම මේ හීනයට එකතු වෙන්න තවත් කැමති අය ඉන්නවා නම් ඔවුන්ටත් මේ mission එකට එකතු වෙන්න කියලා තුෂාර ආරාධනා කරනවා. පහළ තියෙන Link එකේ ඔබේ විස්තර තුෂාරට යවන්න පුළුවන්.

https://goo.gl/forms/7qYtWzIad04jXe7m2


News Articles
Latest Videos
Most Popular Post