News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ලංකාව මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න පටන් ගනී.

3047 Views


ලංකාව මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න පටන් ගනී.

සාමාන්‍යයෙන් අපි සීනි නිපදවනවා කියලා දන්නේ උක් ගස් වලින්නේ. හැබැයි ඉස්සරහට ලංකාවේ මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න යනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න නියමිතයි.

මේ කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය කරන්නේ මඤ්ඤොක්කා වලින්. ස්වීඩනයේ තාක්ෂණික සහයෝගය මත තමයි මේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරන්නේ. ඒ වගේම ස්වීඩන් සහ ඉන්දීය ආයෝජකයින් මේ කර්මාන්තශාලාව ඉදිකරන්න සැලසුම් කරලා තියෙනවා.

මේ සීනි කර්මාන්ත ශාලාවට අවශ්‍ය මඤ්ඤොක්කා ලබා ගන්න මොනරාගල. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොළොන්නරුව මුලික කරගෙන හෙක්ටයාර 6000 ක මඤ්ඤොක්කා වගා කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post