News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

හෙට පාර්ලිමේන්තුව වැඩිහිටියන්ට පමණයි.

824 Views


හෙට පාර්ලිමේන්තුව වැඩිහිටියන්ට පමණයි.

හෙට දවසේ ලංකාවේ පාර්ලිමේන්තුවේ වෙන්නේ මොනවද කියලා මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට විවාදයට ගන්නා නිසා. ඒ නිසා හෙට දවසේ පාර්ලිමේන්තු ගැලරිය වැඩිහිටියන්ට පමණක් සිමා කරන්න තීරණය කරලා තියෙනවා.

ඒ නිසා හෙට පාසල් සිසුන්ට පාර්ලිමේන්තුව නරඹන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. හෙට දවසේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාර කරුවන් රැසක් පාර්ලිමේන්තුවට පැමිණෙන්න නියමිතයි. ඒ වගේම විද්වතුන් රැසක් පාර්ලිමේන්තුවේ විවාදය නරඹන්න එන්න නියමිතයි. මේ වෙනුවෙන් මහජන ගැලරිය සහ කතානායක ගැලරියත් සුදානම් කරනවා කියලයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරේ.

පැමිණෙන අමුත්තන්ට මඟ පෙන්වන්න සහ සහාය වෙන්න විශේෂ කාර්ය මණ්ඩලයකුත් සූදානම් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post