News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

පොලීසිය ජනපති යටතට?

886 Views


පොලීසිය ජනපති යටතට?

මේ දවස්වල දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කර තිබෙන ප්‍රකාශය.

මේ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්වෙලා කියලයි බොහෝ අය චෝදනා කරන්නේ. මේ අතර පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන්න ශ්‍රීලනිපයේ කණ්ඩායමක් තීරණය කරලා තියෙනවා.

හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා තමයි මේ බව සඳහන් කරේ. මීට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීම, සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට ‍දොස් පැවරීම යන කාරණා මඟින් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් පේනවා කියලයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post