News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

තැපැල් ගැටලූව අද කැබිනට් මණ්ඩලයට

381 Views


තැපැල් ගැටලූව අද කැබිනට් මණ්ඩලයට

තැපැල් සේවකයින්ගේ ගැටළු සදහා අද දිනය තුළ විසඳුම් ලබා දීමට හැකි වනු ඇති බව තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කලේ අද පැවැත්වෙන කැබිනට් රැුස්වීමේ දී ද ඒ පිළිබදව සාකච්ඡුා කරන බවයි.

වර්ජනයට පාදක වි ඇති නව බදවා ගැනීම් වලට අදාළව තැපැල් අමාත්‍යාංශය හා වෘත්තීය සමිති එක්ව සැකසූවැටුප් තල පිළිබද යෝජනා පත‍්‍රිකාවක් පසුගිය සතියේ දී ජාතික වැටුප් කොමිසම වෙත ඉදිරිපත් කලා. එහි නිර්දේශ ද අද ලැබීමට නියමිතයි.

අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි තැපැල් සේවා අමාත්‍යවරයා සදහන් කලේ. කෙසේ වෙතත් වෘත්තීය සමිති හා වැටුප් සංඛ්‍යාන සේවක කොමිසමේ සභාපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡුා ද විසදුමකින් තොරව අවසන් වී තිබුණා. සිය ගැටලූ සදහා අද දිනයේ දී විසදුම් නොලැබුණහොත් සිය වර්ජනය දැඩි කරන බව වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති ප‍්‍රකාශ කලේ.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කල දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 16 වන දිනටයි. සිය ගැටලූ සදහා විසදුම් ඉල්ලමින් ඊයේ විරෝධතාවයක ද නිරත වූ අතර කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට තවදුරටත් උපවාසයේ ද නිරත වනවා.

බදවා ගැනීම් සහ වැටුප් ගැටලූ මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයට අවතීර්ණ වුනේ පසුගිය 11 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post