News Line| Off Air| Games
Generic placeholder image

Jun
12

ජනපතිගේ හෙලිකොප්ටරය වෙද මැදුරේ වහල ගලවයි.

1459 Views


ජනපතිගේ හෙලිකොප්ටරය වෙද මැදුරේ වහල ගලවයි.

රට ඇතුලේ වුනත් දුර ගමන් යන්න ජනාධිපතිවරයා භාවිත කරන්නේ හෙලිකොප්ටරය. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයක් තියෙනවා. පහුගිය දවසක ජනාධිපතිතුමා ගමන් කරපු හෙලිකොප්ටරය වහලක් ගලවාගෙන ගිහින් තිබ්බා.

හාලිඇළ නගරයේ ස්ථාපිත කෙරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උෟව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කරන්න ගිහින් තිබුණා. ජනාධිපතිවරයා ගොඩ බස්වද්දී හෙලිකොප්ටරෙන් ඇති වුන ලොකු හුළඟ නිසා නුදුරින් පිහිටි පුද්ගලික ආයුර්වේද මධ්‍යස්ථානයක වහලට දැඩිලෙස හානි සිද්ධ වෙලා තියෙනවා.

ආයුර්වේද බෙහෙත් ශාලාවේ හිමිකාරිනි ආයුර්වේද වෛද්‍ය ලලිතා රංජනී මහත්මිය මේ ගැන අදාළ අංශ වලට පැමිණිලි කරලා තියෙනවා. ඒ අවස්ථාවේ විශාල දූවිල්ලක් පතුරුවමින් ඇති වූ අධික සුළං පහරින් සිය බෙහෙත් ශාලාවේ වහලයේ සෙවිලි තහඩු ගැලවී ඇතුළට දූවිල්ල පිරුණා කියලයි එතුමිය කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post