News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

OFF සීසන් පටන් ගනියි. දෙවන තරඟයේදීත් සිංහයන් අප්‍රිකානුවන්ට ක්‍රිකට් කියා දෙයි.

1200 Views


OFF සීසන් පටන් ගනියි. දෙවන තරඟයේදීත් සිංහයන් අප්‍රිකානුවන්ට ක්‍රිකට් කියා දෙයි.

කල කම් පළදෙනවා කියන්න ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය තරම් වෙන හොඳ උදාහරණයක් තවත් නෑ. ලංකාවට Off Season කියලා කිව්වා දකුණු අප්‍රිකානුවන්ට මතක හිටින පාඩමක් උගන්වන්න දෙවෙනි ටෙස්ට් තරඟයේදීත් ලංකාව සමත් වෙලා තියෙනවා.

දෙවෙනි ටෙස්ට් තරඟයේ 3 වෙනි දවසට ඊයේ තරඟය නතර කරද්දී ටෙස්ට් තරඟාවලි ජය 2 – 0 ක් විදියට පේන මානයට එන්න ලංකාව සමත් වුණා. තරඟයේ ජයග්‍රහණය සඳහා ලංකාව 490 ක දැවැන්ත ඉලක්කයක් අප්‍රිකානුවන්ට ලබා දුන්නා. දෙවෙනි ඉනිමේ ධනුෂ්ක ලකුණු 61 ක් ලබා ගත්තා. දිමුත් ලකුණු 85 ක් ලබා ගත්තේ 4 පහර 12 ක් සමඟ. මැතිව්ස් ලකුණු 71 යි.

ලකුණු 275 ක් ලබා ගෙන කඩුලු 5 ක් ලබා ගෙන සිටියදී ලංකාව ඉනිම අත්හිටෙව්වා. දැවැන්ත ඉලක්කයක් හඹා යන දකුණු අප්රිකනුවන්ගේ මුල්පෙළ ලංකාවේ දඟයන් හමුවේ බිඳ වැටුණා. එල්ගාර් ලකුණු 37 යි. නායක ප්ලෙසී ලකුණු 7 කට දැවී ගියා. තිවුනිස් නොදැවී ලකුණු 45 යි. හේරත් සහ අකිල කඩුලු 2 බැගින් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post