News Line| Off Air| Games
Generic placeholder image

Aug
9

පරාජය වග කිවයුතු 11 දෙනාම ජයග්‍රහණයටත් වග කියයි. ඊයේ පල්ලේකැලේදී සිංහයන් අවදි වුන හැටි. – Photo

1412 Views


පරාජය වග කිවයුතු 11 දෙනාම ජයග්‍රහණයටත් වග කියයි. ඊයේ පල්ලේකැලේදී සිංහයන් අවදි වුන හැටි. – Photo

පරාජයේ නියඟය නිමා වෙලා ජයග්‍රහණයේ වැස්සක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇද හැලුණා. ඒ ජයග්‍රහණයේ පිපාසයෙන් හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ පහස නිවලා. දකුණු අප්‍රිකාවට එරෙහි තරඟ 11 ක පරාජයන් වැලට තිත තියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා.

තරඟයේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකන්ම වැස්සෙන් බාධා එල්ල වුණා. ඒ නිසා තරඟය පටන් ගත්තේ ප්‍රමාද වෙලා. මුලින්ම පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකාවට පන්දුවාර 39 ක් විතරයි ලැබුණේ. පළවෙනි පන්දුවේ ඉඳන්ම වේගවත් ප්‍රහාරයක් එල්ල කරන්න ආරම්භ පිතිකරුවන් සමත් වුණා. දික්වැල්ල 34 යි. තරංග ලකුණු 36 යි.

කලකට පස්සේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත පිතිකරණය බලා ගන්න ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට පුළුවන් වුණා. ශ්‍රී ලංකා ඉනිමට සුපිරි ජවයක් එකතු කල කුසල් ජනිත් වේගවත් ලකුණු 51 ක් රැස් කරා. ඒ 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමඟින්.

7 වෙනි කඩුල්ලට පිටියේ එකතු වුන තිසර සහ දසුන් ශානක ජයග්‍රාහී ලකුණු 109 ක සබන්ධතාවයක් ගොඩනැගුවා. පිටිය පුරා ගිනිකෙළි සංදර්ශනයක් මැව්ව දසුන් පන්දු 34 කදී ලකුණු 65 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 4 කින් සහ 6 පහර 5 කින් වර්ණවත් වුණා. ඔහුට අනගි සහයක් දුන්න තිසර පෙරේරා නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තා.

පන්දුවාර 39 අවසානයේ ලංකාව ලකුණු 306 ක් ලබා ගත්තා. ඒ කඩුලු 7 ක් දැවී. එන්ගිඩි සහ ඩුමිනි කඩුලු 2 බැගින් දවා ගත්තා. දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කල සැනින් නැවතත් වර්ෂාව හරස් වුණා. ඒ නිසා පන්දුවාර 21 කදී ලකුණු 191 ක ඉලක්කයක් ඔවුන්ට ලැබුණා.

දකුණු අප්‍රිකානු පිතිකරුවනුත් ලේසියෙන් තරඟය අතහරින්න සූදානම් වුණේ නෑ. අම්ලා වේගවත් ලකුණු 40 ක් ලබා ගත්තා. 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් සමඟින් ඩුමිනි ලකුණු 34 යි. මිලර් ලකුණු 21 යි.

අවසන් මොහොතේදී තරඟය නැවතත් දකුණු අප්‍රිකානුවන් දෙසට හැරුණා. හැබැයි සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම නිසා අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු සුන් වුණා. අවසන් පන්දුවාරයේදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 8 ක් අවශ්‍ය වුණා. නමුත් 2 වෙනි පන්දුවෙන් මිලර් දවා ගැනීමත් එක්ක තරඟය නැවතත් දෙපිලටම් විවෘත වුණා.

අවසන් පන්දුවට ලකුණු 5 ක් අප්‍රිකානුවන්ට අවශ්‍ය වුනත් එක ලකුණක් විතරයි ලක්මාල් ලබා දුන්නේ. ඒ අනුව ලකුණු 3 ක ජයක් ලංකාවට හිමි වුණා. අප්‍රිකානුවන්ගේ කඩුලු 9 ක් ම දඩයම් කර ගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වුන ලක්මාල් කඩුලු 3 ක් දවා ගත්තා. තිසර පෙරේරා කඩුලු 2 යි. තරඟයේ වීරයා දසුන් ශානක.

https://youtu.be/EURSYYuijRM


News Articles
Latest Videos
Most Popular Post