News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

AB ගේ කනට ගැසූ සිංහයන් දකුණු අප්‍රිකාව සුදු කරයි.

1998 Views


AB ගේ කනට ගැසූ සිංහයන් දකුණු අප්‍රිකාව සුදු කරයි.

දකුණු අප්‍රිකාව සමඟ දෙවෙනි ටෙස්ට් තරඟයත් විශිෂ්ඨ ලෙස ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ටෙස්ට් තරඟාවලියත් 2- 0 ක් විදියට ජයග්‍රහණය කරන්න ලංකාවට පුළුවන් වුණා. අවුරුදු 12 කට පස්සේ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

පලවෙනි ඉනිමට ලංකාව සියලු දෙනාම දැවී ලකුණු 338 ක් ලබා ගත්තා. ධනුෂ්ක ලකුණු 57 යි. දිමුත් ලකුණු 53 යි. ධනංජය ලකුණු 60 ක් ලබා ගත්තා. අකිල ධනංජය නොදැවී ලකුණු 43 යි. සුපිරි පන්දු යැවීමක නිරත් වුන මහරාජ් ලංකාවේ කදුලුඉ ක් දවා ගත්තේ වාර්තාවක් සමඟින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානුවන් ලකුණු 124 කට සීමා කරන්න ලංකාවේ දඟ පන්දු බලඇණිය සමත් වුණා. නායක ඩු ප්ලෙසි ලකුණු 45 යි. ඩි කොක් ලකුණු 32 යි. පිත්තෙන් වගේම පන්දුවෙන් වැඩ පෙන්නපු අකිල කඩුලු 5 ක් දවා ගත්තා. ඩිල්රුවන් කඩුලු 4 යි.

ලංකාව දෙවෙනි ඉනිම ආරම්භ කරේ ලකුණු 214 ක් ඉදිරියෙන් ඉඳන්. ධනුෂ්ක ලකුණු 61 යි. දිමුත් ලකුණු 85 ක් රැස් කරා. මැතිව්ස් ලකුණු 71 යි. කඩුලු 5 ක් දැවී ලකුණු 275 ක් ලබාගෙන සිටියදී ලංකාව ඉනිම අත්හිටෙව්වා. මහරාජ් කඩුලු 3 යි.

ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 490 ක දැවැන්ත ඉලක්කයක් ලැබුණා. හැබැයි ලංකාවේ දඟ පන්දු බලඇණිය හමුවේ ඔවුන්ට ජයග්‍රහණය සිහිනයක්ම වුණා. ජයග්‍රහණය දකුණු අප්‍රිකාව දිහාට හරවා ගන්න ලොකු උත්සහයක් කරපු Theunis de Bruyn ලකුණු 101 ක් ලබා ගත්තා. බවුමා ලකුණු 63 යි.

සුපිරි පන්දු යැවීමක නිරත වුන රංගන හේරත් කඩුලු 6 ක් දවා ගත්තා. ඩිල්රුවන් සහ අකිල කඩුලු 2 බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම දිමුත් කරුණාරත්න දිනා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post