News Line| Off Air| Games
Generic placeholder image

Sep
18

ඉතිහාසයේ පළමු වතාවට ලැබූ අන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට

671 Views


ඉතිහාසයේ පළමු වතාවට ලැබූ අන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවේ සායම හෝදලාම දැම්මා. කාලයක් ලොවම බය කරගෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ආසියා කුසලානයේ මුල් වටයෙන්ම පීච්චන් වෙලා ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ මේ අන්ත පරාජය නිසා අර්ජුන රණතුංග, සනත් ජයසූරීය, තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධනලා ජාත්‍යන්තරයට අරගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩාව මේ වනකොට ලොවක් ඉදිරියේ බාල්දු වෙලා හමාරයි.

ආසියානු කුසලානයෙන්ම බංගලාදේශය හමුවේ අන්ත පරාජයක් හිමි කරගත් ශ්‍රී ලංකා පිල ඊයේ ඇෆ්ගනිස්ථානය සමඟ තරඟයෙන් ද ලකුණු 91 ක දැවැන්‍ත පරාජයක් උරුම කරගත්තා. කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කළා. එහිදී ඔවුන් නියමිත ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබා ගන්න සමත්වුණා. ඒ ඇෆ්ගනිස්ථාන ඉනිම ශක්තිමත් කරමින් රාමට් ෂා, පන්දු 90 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස් කිරීමත් සමඟයි.

අවසානයේ මෙම තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.2 කදී සියලුදෙන දැවී ලබාගත්තේ ලකුණු 158ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උත්සහ ගත් උපුල් තරංග, තනිවම සටන් කරමින් ලකුණු 36ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිලේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවෙන කරන දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නොමැතිවීම ලංකාව ලැබූ ලොකු අවාසියක්. විචාරකයන් පවා කියන්නේ, වත්මන් කණ්ඩායමේ වැඩිම වගකීමකින් සහ කැපවිමකින් ක්‍රීඩා ක‍රනා ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් නොමැතිව බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 200ක් ලබා ගැනීමට හෝ පන්දවාර පනහ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවයි.ඒ වගේම ඇන්ජලෝ මැතිවුස්ගේ දුර්වල නායකත්වය ගැනත් විචාරකයින් මත පළ කරලා තිබ්බා.

“ඇන්ජලෝ මැතිවුස් ආක්‍රමණශීලීත්වය හෝ උපායශීලිත්වය නොමැති නායකයෙක්.ඔහුගේ පන්දු පිටිය සැකසීම සහ පන්දු යවන්නන් යොදා ගැනීම ශ්‍රී ලංකාව දිගින් දිගටම ලබනා පරාජයන්ට හේතුවක් වෙනවා.”
.
මෙලෙස සිදු වන කණ්ඩායම පරජය හමුවේ දිගින් දිගටම ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වන කුසල් මෙන්ඩිස් වගේම මැතිව්ස්ගේ නායකත්වය ගැනත් සමාජ මාධ්‍යන් වල පවා දැඩි කතාබට ලක්ව තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post