News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

ශ්‍රී ලංකා තරුණයෙක් ඩුබායි වල දියමන්තියක් උස්සලා. සැලසුම හැදුවේ Happy New Year ෆිල්ම් එකක බලලද? – Video

2093 Views


ශ්‍රී ලංකා තරුණයෙක් ඩුබායි වල දියමන්තියක් උස්සලා. සැලසුම හැදුවේ Happy New Year ෆිල්ම් එකක බලලද? – Video

ශ්‍රී ලාංකිකයන් කියන්නේ ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජාතියක් කියනවනේ. තමන්ගේ බුද්ධිය නිසා ලෝකයේ කීර්තියට පත්වුන ශ්‍රී ලාංකිකයන් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි බුද්ධිය වැරදියට භාවිතා කරලා රටේ නම කැත කරන කිහිප දෙනෙකුත් ඉන්නවා.

ඩුබායි සමාගමකින් වටිනා දියමන්තියක් හොරකම් කරපු ශ්‍රී ලාංකිකයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක ගේට්ටු 3 ක් පහුකරලා ගිහින් තමයි මේ මහා හොරකම කරලා තියෙන්නේ. ඔහු හොරකම් කරපු දියමන්තියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 20 කට ( රුපියල් කෝටි 320 ) අධිකයි.

මේ හොරකම වෙලා තියෙන්නේ පහුගිය මැයි 25 වෙනිදා. දැවැන්ත මෙහෙයුමකින් පස්සේ තමයි මේ ශ්‍රී ලාංකිකයා හොයාගෙන තියෙන්නේ. හොරකම් කරපු දියමන්තිය සපත්තු පෙට්ටියක දාලා ලංකාවට එවලා තියෙනවා.

මේ මහා හොරකමේ සුලමුල හොයා ගන්න පැය 8620 ක CCTV දර්ශන පරික්ෂා කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයින් 120 කගෙන් විතර ප්‍රශ්න කරලා තියෙනවා. මේ සොරකම ගැන තොරතුරු හොයන්න කෘතීම බුද්ධිය වගේම සුපිරි තාක්ෂණික මෙවලම් භාවිතා කරා කියලයි ඩුබායි පොලීසිය සඳහන් කරේ.

අන්තිමේදී දැවැන්ත මෙහෙයුමකින් පස්සේ ශ්‍රී ලාංකීය සැකකරු අත්අඩංගුවට ගන්න ඩුබායි පොලීසිය සමත් වෙලා තියෙනවා. හොරකමෙන් පස්සේ ලංකාවට එන්න සැකකරු සැඟවිලා ඉඳලා තියෙනවා.

මේ තියෙන්නේ දියමන්ති හොරකම කරපු හැටි.

https://streamable.com/jowzt


News Articles
Latest Videos
Most Popular Post