News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

අවුරුදු 75 ක් තිකුණාමල වරාය යට සැඟව තිබු නැවක් නාවික හමුදාව ගොඩගනී. – Video

689 Views


අවුරුදු 75 ක් තිකුණාමල වරාය යට සැඟව තිබු නැවක් නාවික හමුදාව ගොඩගනී. – Video

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් පහුගිය ද ගොඩ ගත්තා. ඒ “සගයින්” නෞකාව. වසර 75 කට පසු තමයි නාවික හමුදා කිමිදුම් අංශය මේ නැව ගොඩ ගත්තේ.

මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට තියෙනවා. එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මඟින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන්ට ලක්වී නෞකාව ගිනිබත් වුණා. ඒ නිසා ඇතිවුන හානිය හේතුවෙන් එය අතහැර දැම්මා. හැබැයි 1943 වර්ෂයේ අගෝස්තු මස 24 වන දින මේ නෞකාව අනෙකුත් යාත්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිතා කිරීමට හැකි වන සේ ගිල්වා දැමීමට කටයුතු කරා.

ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැන නැගීම හේතුවෙන් අඩි 35 ක් පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩ ගැනීමේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කෙරිණි. එම කර්තව්‍ය නැගෙනහිර නාවික විධානය වෙත පැවරුණු අතර, විධාන කිමිදුම් නිලධාරී, කපිතාන් (කිමිදුම්) ක්‍රිශාන්ත අතුකෝරළ මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධාන කිමිදු ඒකකය විසින් 2017 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කරන ලදී.

නෞකාව ගොඩ ගැනීමේ සවිස්තරාත්මක සැළැස්ම විධාන කිමිදුම් නිලධාරී විසින් සකස් කළ අතර, ප්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) A.L.N.S.S. ලියනගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. පළමුව නෞකාවේ පළුදු වී තිබූ ස්ථාන පිළිසකර කර දිරාපත්ව තිබූ නෞකා සැකිල්ල ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කෙරිණි. තවද, ගිලී තිබූ නෞකාවේ පිරී පැවති මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව තාවකාලික ජැටියක් ද ඉදිකිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම හා අප්‍රතිහත ධෛර්යේ ප්‍රථිපලයක් ලෙස මාස 05 ක් පුරා සිදු කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව පසුගිය මාර්තු මස 22 වන දින ගිලී තිබූ සගයින් නෞකාව ක්‍රම ක්‍රමයෙන් ජලය මතුපිටට ගනු ලැබීය.

මෙම සුවිශේෂී ක්‍රියාන්විතය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරුණු අතර, ලුතිනන් කොමාන්ඩර් (කිමිදුම්) සතිෂ්ක පතිරණ සහ ලුතිනන් කොමාණ්ඩර් ශිරාන් බුද්ධික යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් කිමිදුම් අංශයේ නාවිකයන් 98 දෙනෙකුගෙන් සමත්විත කණ්ඩායමක් ඒ සඳහා දායකත්වය දක්වන ලදී.

https://youtu.be/VS5FKFOZoK0


News Articles
Latest Videos
Most Popular Post