News Line| Off Air| Games
Generic placeholder image

Aug
18

“අපි ගන්න ගණන් මොනාද කියලා හිතෙයි ඉන්දියාවට වගේ ගියානම්. ඒ රටවල තේ හදන කෙනෙත් අපිට වඩා ගන්නවා.” – ටීනා ශනෙල් අය කරන ගණන් ගැන කතා කරයි…

1546 Views


“අපි ගන්න ගණන් මොනාද කියලා හිතෙයි ඉන්දියාවට වගේ ගියානම්. ඒ රටවල තේ හදන කෙනෙත් අපිට වඩා ගන්නවා.” – ටීනා ශනෙල් අය කරන ගණන් ගැන කතා කරයි…

ටීනා ශනෙල් කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. නිරූපණ ශිල්පිණියක් විදිහටත් ඇය ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම පහුගිය දවස්වල ඇය වැඩිපුරම කතාබහට ලක් වුනේ රාජකීය උපන්දින සාදයේදී නටපු නර්තනය නිසා. ඉතින් මේ දවස්වල නිරූපණ කේෂ්ත්‍රයට වැඩිය, ඇය රංගන කටයුතු එක්ක කාර්ය බහුල වෙලා කියල ආරංචියක් ආවා. ඒ අලුත් චිත්‍රපටයකට. ඒ ගැන වැඩි විස්තර තමයි මේ…

කොහොමද ටීනා … මොනවද අලුත් විස්තර ?
මේ දවස්වල නම් අලුත් ෆිල්ම් එකේ ෂූටිං අනේ. තව දවස් දෙකක වැඩ තියෙනවා.

අපිටත් කියන්නකො ඒ ගැන. මේ ටීනගෙ දෙවැනි ෆිල්ම් එක නේද?
ඔව්. මේක මගේ පළමු චිත්‍රපටයට වඩා හුඟක් වෙනස් වැඩක්. සමීර වක්වැල්ල තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. මං හිතන්නෙ ලංකාවේ සිනමා රසික රසිකාවියන්ටත් වෙනස් අත්දැකීමක් වේවි.

ඔහොම අගේ කරන්නෙ නැතිව තව විස්තර කියන්නකො.
ගොඩාක් විස්තර කියන්න තවම ෂූටින් ඉවරත් නැහැනෙ. මං මෙහෙම කියන්නම්. චිත්‍රපටයේ නම තමයි “හෝන්”. මේක Horror movie එකක්. මං ඉන්නෙ බැදපු තරුණ කපල් එකක බිරිය හැටියට. අධ්‍යක්ෂකගෙ මල්ලි තමයි මගෙ හස්බන්ඩ් විදියට ඇක්ට් කරන්නෙ.

Horror Movie එකක ප්‍රදාන චරිතයක් කරන එක පහසු වුණාද?
අපෝ නෑ. ඒක මට ලොකූ අභියෝගයක්. මම දන්නෙ නෑ මම ඒ චරිතයට කොයිතරම් හොඳ සාධාරණයක් කළාද කියන්නත්. හැබැයි මම උපරිමය කළා. ඒ චරිතය වෙනුවෙන් සෑහෙන්න කැපවුණා. විශේෂයෙන්ම ඒ මේකප් එක දාගෙන ඉන්නවා කියන්නෙම හරිම අමාරු වැඩක්. මහා හයියෙන් කෑගහන්න අඬන්න තිබුණා. ඔයාලට වුණත් තේරුම් යාවි මේ චිත්‍රපටය බලද්දි, මම කොයි තරම් කැපවීමක් කරලා තියෙනවද කියලා.

එක දිගට චිත්‍රපට එන නිසා නරකද රංගනය ගැන පොඩි හැදෑරීමක් එක්ක ආවා නම් ?
ඔව් මම කැමතියි. ඒත් මට ඒකට ක්ලාස් යන්න වෙලාවක් නැහැනෙ. මම රංඟනයේ යෙදෙන්නෙ මොඩ්ලින් වැඩත් කරන අතරමනෙ.

ටීනා හිතනවාද ඔයාට රඟපාන්න පුළුවන් කියලා?
ඔව් මට රඟපාන්න පුළුවන් කියලා මම දන්නවා. ක්ශේත්‍රයේ මෑතකදි ආපු අය එක්ක ගත්තම මම සෑහෙන හොඳ තැනක ඉන්නවා. නමුත් රංගනය පිළිබඳ හැදෑරීමක් කලා නම් මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒක මම දන්නවා

මොඩ්ලින්වල ටීනාගේ තැන තවම රැකිලා තියෙනවද?
මම කොහොමත් මගේ වැඩ ටික කරගෙන ඉන්නවා. මට ෂෝස් එන්නෙ මගේ බජට් එකට අනුවනෙ. දැන් මම ඉස්සර වගේ හැම එකටම යන්නෙ නෑ. මගෙ වැඩ ටික කරගෙන ඉන්නවා.

ටීනට කලාත්මක නිර්මාණ ලැබෙන්නෙ නැහැනේද ?
අධ්‍යක්ෂවරුන් මාව තෝරගන්න විදියනෙ මේ. ඉදිරියෙදි ඩිරෙක්ටර් කෙනෙක් කලාත්මක නිර්මාණයකට කතා කළොත් මම ආසාවෙන් භාරගන්නවා. මොකද රංගනය තමයි මම ආසාවෙන්ම කරන දේ.

සිනමාවෙදි ටීනට ගැලපෙනම සහකරුවා කවුද ?
එහෙම එක්කෙනෙක් කියලා කියන්න බෑ. පළමු නිර්මානයේ හේමාල් අයියා ඉන්නවා. එහෙමයි කියලා දිගටම මට හේමාල් අයියවම ඕනෙ කියන්න බැහැනෙ. ඒ තරමට අපේ රටේ සිනමාව දියුණුවෙලත් නැ. ඒ තරම් චිත්‍රපට හැදෙන්නෙත් නෑ. ඕන කෙනෙක් එක්ක රඟපානවා.

ටීනට ටෙලි නිර්මාණ ලැබෙන්නෙ නැත්තෙ ඇයි?
අපෝ සෑහෙන්න ආරාධනා එනවා. ඩිරෙක්ටර්ස්ලා ඕනෙතරම් කෝල් කරලා තියෙනවා. ඒ වුණාට මම ඒ තරම් ටෙලිනාට්‍ය වලට කැමැත්තක් නැහැ. මොකද මගේ ප්‍රේක්ෂකයෝ කැමති මාව සිනමාවෙන් මුණගැහෙන්න. හැබැයි ඉතිං හොඳ ස්ක්‍රිප්ට් එකක් ලැබුණොත් මම භාරගන්න ඉඩ තියෙනවා. ඒත් ලොකුවට ඒවට සම්බන්ධ වෙන්නෙ නෑ. මොකද නිතර පේනකොට අගේ නැතුව යනවානෙ.

ටීනා ලොකු ගණං අයකරන කෙනෙක්ද?
මෙහෙමයි අපි ගන්න ගණන් මොනාද කියලා හිතෙයි ඉන්දියාවට වගේ ගියානම්. ඒ රටවල තේ හදන කෙනෙත් අපිට වඩා ගන්නවා. හැබැයි මොඩ්ලර්ස්ලා අතර නම් අනෙක් අයට වඩා බජට් එක අතින් මම ඉස්සරහින්ම ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post