News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

ෆැන්ටා සහ රහල් අල්විස් සටනට….Video එක මෙන්න.

1335 Views


ෆැන්ටා සහ රහල් අල්විස් සටනට….Video එක මෙන්න.

රහල් අල්විස් කියන්නේ කුකුල් කෙන්තිකාරයෙක් කියල තමයි හැමෝම දන්නේ. ඉතින් ඒ නිසාම රණ්ඩු වලට යන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි හැමෝම කියන්නේ. ඉතින් ළඟදී දවසක රහල්ගේ Facebook එක පුරාම දකින්න ලැබුන වචනයක් තිබුණා. හැම Post එකකම අන්තිමට “තද කොර” කියල ලියන්නත් රහල් පුරුදු වෙලා තිබුණා. මේ “තද කොර” කියන වචනේ පාවිච්චි කරන්නේ නම් සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ Fanta තමන්ගේ ප්‍රසංග අතරේදී.

මේ වචනේ සහ සහරා ෆ්ලෑෂ් ෆැන්ටා එක්ක රහල්ගේ තියෙන සම්බන්ධෙ මොකක්ද කියල හොයාගන්න සියත 24 අපි රහල්ට කතා කළා. එතනදී රහල් අපට කිව්වේ “තද කොර” කියල කියන්නේ, මේ දෙන්නගේ අලුත්ම වැඩේ කියලයි. ඒ තමයි රහල් එක්ක සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ Fanta එකතුවෙලා කරපු අලුත්ම සින්දුව. “තද කොර” කියල නම් කරලා තියෙන මේ සින්දුවේ තියෙන්නේ විවාහ වුණ කෙනෙක්ගේ සහ විවාහ නොවුණ කෙනෙක් අතර ඇතිවන සංවාදයක්. මේ තියෙන්නේ අද Release කරපු මේ දෙන්නගේ අලුත්ම සින්දුව.

https://youtu.be/eiCCjKpgDUA


News Articles
Latest Videos
Most Popular Post