News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

අතුරුදහන් වුන තායිලන්ත යොවුන් පාපන්දු පිළ සොයා ගනී. එළියට ගන්න තවත් මාස 4 වඩා ගත වෙයි. – Photo / Video

2295 Views


අතුරුදහන් වුන තායිලන්ත යොවුන් පාපන්දු පිළ සොයා ගනී. එළියට ගන්න තවත් මාස 4 වඩා ගත වෙයි. – Photo / Video

මේ ගෙවෙන්නේ පාපන්දු සැණකෙළි මාසය. හැබැයි පාපන්දු සැණකෙළිය අතරේ තායිලන්තයේ යොවු පාපන්දු කණ්ඩායමට ලොකු කරදරයක් සිද්ධ වුණා.චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙනේ ඔවුන් හිර වුණා.

දින 9 ක් තිස්සේ 1000 ක් පමණ ජිවිතාරක්ෂකයින් කරන ලද මෙහෙයුමකින් පස්සේ ඊයේ ඔවුන් හොයා ගත්තා. ඒ කිලෝමීටර් 10 ක් දිග මේ උමං ගුහාවේ කිලෝමීටර් 5 ක් පමණ දුරකින් හිටියදි. වාසනාවකට ඔවුන් කාටවත් කිසිම හානියක් වෙලා නෑ. වයස අවුරුදු 16- 11 ත් අතර ළමයින් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පුහුණුකරු තමයි මේ විදියට කරදයට පත් වුණේ.

හැබැයි මේ ළමයින්ව එළියට ගන්න තවත් මාසයක් විතර ගත වෙයි කියලා ජීවිතාරක්ෂක කණ්ඩායම් ප්‍රකශ කරනවා. එකට හේතුව වෙලා තියෙන්නේ මෝසම් වැසි සාමය අවසන් වෙනකන් ඔවුන්ට ගුහාවේ රැඳී සිටින්න සිදු වීමයි. මේ වෙද්දී Chiang Rai ගුහාව ආශ්‍රිත ප්‍රදේශයට මෝසම් වැස්ස ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා තාමත් ගුහාවට ජලය පිරෙමින් තියෙනවා.

මේ නිසා ජිවිතරක්ෂකයින් මාස 4 කට හරි යන්න ආහාර, බෙහෙත් සහ අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය ගුහාව තුලට ගෙනියන්න කටයුතු කරමින් ඉන්නවා. ගුහාවේ ජාල මට්ටම අඩු වෙනකන් ජිවිතාරක්ෂකයින් ළමයින්ට ගුහාවෙන් පිටවෙන විදිය උගන්වනවා.

කොහොම වුනත් ගුහාවේ ජලය හිස් කිරීමේ මෙහෙයුමත් නවත්වලා නැ. පැයකට ලීටර් 10,000 ක් ගුහාවේ ජලය ඉවත් කරනවා. හැබැයි එමඟින් පැයකට ගුහාවේ ජාල මට්ටම සෙන්ටිමිටරයකින් විතරයි අඩු වෙන්නේ. අධික වර්ෂාව ඉදිරියේදීත් මේ ප්‍රදේශයට ඇඳ හැලෙයි කියලයි කාලගුණ වාර්තා සඳහන් කරන්නේ.

https://youtu.be/M7HKmMDNsso


News Articles
Latest Videos
Most Popular Post