News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

ලෝකයේ බිහිවුන සුපිරිම T20 ක්‍රීඩකයෝ 11 මෙන්න. හොඳම පන්දු යවන්නා ලසිත් මාලිංග.

978 Views


ලෝකයේ බිහිවුන සුපිරිම T20 ක්‍රීඩකයෝ 11 මෙන්න. හොඳම පන්දු යවන්නා ලසිත් මාලිංග.

පහුගිය කාලයේ බිහිවුණ සුපිරිම T20 ක්‍රීඩකයෝ අතරින් සුපිරි කණ්ඩායමක් හදලා තියෙනවා. Cricinfor වෙබ් අඩවිය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔවුන් මේ සුපිරි කණ්ඩායම හදන්න විශේෂ ජූරි සභාවක් වගේම මහජන ඡන්දය විමසලා තියෙනවා.

මේ සුපිරි ක්‍රීඩකයන් ඇතුලත් කණ්ඩායමේ නායකයා විදියට නම් කරලා තියෙන්නේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනිව. ආරම්භක පිතිකරුවන් විදියට ක්‍රිස් ගේල් සහ රෝහිත් ෂර්මා නම් කරලා තියෙනවා. කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්න විදියට ලංකාවේ ලසිත් මාලිංග තෝරාගෙන තියෙනවා. ලංකාවෙන් තෝරාගෙන තියෙන එකම ක්‍රීඩකයාත් ඔහුයි.

මේ කණ්ඩායමට ඉන්දියානු ක්‍රීඩකයින් 3 දෙනෙක්, පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක්, කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකාවෙන්, දකුණු අප්‍රිකාවෙන්, නවසීලන්තයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් එක ක්‍රීඩකය බැගින් සුදුසුකම් ලබලා තියෙනවා.

මේ තියෙන්නේ පහුගිය අවුරුදු 25 බිහිවුන සුපිරි ක්‍රීඩකයන්ගෙන් හදපු T20 කණ්ඩායම.

1. Chris Gayle
2. Rohit Sharma
3. Virat Kohli
4. AB de Villiers
5. Brendon McCullum
6. MS Dhoni (captain)
7. Shahid Afridi
8. Dwayne Bravo
9. Rashid Khan
10. Umar Gul
11. Lasith Malinga


News Articles
Latest Videos
Most Popular Post