News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

කැනඩාව සහ සෞදි ආරාබිය අතර දීගය අවසන්.

591 Views


කැනඩාව සහ සෞදි ආරාබිය අතර දීගය අවසන්.

හොස්ස ළඟින් මැස්ස යන්න බැරි රටක් තමයි සෞදි අරාබිය කියන්නේ. පොඩ්ඩ වැරදුනොත් ඇවිස්සෙනවා. කැනඩාව කරපු වැඩක් නිසා ඔවුන් සමඟ තිබ්බ සියලුම සම්බන්ධතා නවත්වන්න සෞදි අරාබිය කටයුතු කරලා තියෙනවා.

මේ ප්‍රශ්නෙට හේතුව වෙලා තියෙන්නේ අත්අඩංගුවට ගෙන සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවී ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන්න කියලා කැනඩා විදේශ කටයුතු ඇමතිවරිය කරපු ඉල්ලීම. සවුදි අරාබිය කියන්නේ කැනඩාව සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම කිසිසේත් පිළිගන්න බෑ කියලා.

මේ වෙද්දී කැනේඩියානු තානාපතිවරයාට පැය 24 ක් ඇතුලත රටින් පිට වෙන්න කියලා සෞදි අරාබි රජය නියෝග කරලා තියෙනවා. ඒ වගේම කැනඩාවේ සිටින සවුදි තානාපතිවරයාව යලි සිය රටට එන්න කියලා නියෝග කරලා.

සෞදි රජය එතැනින් නැවතිලාත් නෑ. වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි ගුවන් සේවය කැනඩාව සමග සිදුකල සෘජු ගුවන් ගමන් නතර කරන්න පියවර අරගෙන තියෙනවා.

ශිෂ්‍යත්ව හුවමාරුව යටතේ කැනඩාවේ අධ්‍යාපනය ලබන සවුදි සිසුන් 7000 ක් පමණ වෙනත් රටවලට මාරු කරලා යවන්නත් සෞදි රජය කටයුතු කරලා. ඔවුන්ව අමෙරිකාව, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් වල පිහිටි සරසවි වලට ඇතුලත් කරනවා කියලා සෞදි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post