News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

හිත් රිදුන එජාප පාක්ෂිකයන්ට තිස්සගෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක්.

460 Views


හිත් රිදුන එජාප පාක්ෂිකයන්ට තිස්සගෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක්.

කාලයක් එජාපයේ හිටිය දේශපාලන තරුවක් තමයි තිස්ස අත්තනායක. ඔහු එජාපයේ මහා ලේකම් විදියට අවුරුදු ගණනාවක් කටයුතු කරා. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී ඔහු පිල් මාරු කරා.

ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාට ජාතික දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි දැන් එතුමා අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා. ඒ එජාපයෙන් ඉවත් වුන හිටපු එජාප පාක්ෂිකයන් එකතු කර ගෙන.

“එක්සත් ජාතික පක්ෂයෙන් බිඳ වැටුණු සහ වෙන් වුණු විශාල පිරිසක් ගම් මට්ටමින් ඉන්නවා. ඔවුන් එකපාර වෙනත් දේශපාලන දර්ශන පිළිගන්න පෙළඹෙන්නේ නෑ. නමුත් ඔවුන්ටත් අවශයි දේශපාලන පක්ෂයක්. තව කොටසක් ඉන්නවා UNP ත් නොවන ශ්‍රීලංකාත් නොවන. මේ මැදින් ඉන්නේ ගොඩාක් වෙලාවට තරුණ කොටස්. මේ සියලු දෙනා ඉලක්ක කෙරෙන වැඩපිළිවෙලක් වෙත අපි යනවා.” කියලයි එතුමා කිව්වේ.

සැප්තැම්බර් මස අවසානයේදී නව දේශපාලන ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post