News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

අදත් ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර 75 ඉක්මවූ වැසි

411 Views


අදත් ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර 75 ඉක්මවූ වැසි

දිවයිනේ පවතින වැසි තත්වය අදින් පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කෙසේවෙතත් අද බස්නාහිර වයඹ මධ්‍යම ඌව සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් මිලීමීටර 150 පමණ වන තද වැසි ඇති විය හැකියි බවයි.

මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ද ක්ෂණිකව පැයට කිලෝ මීටර 80 ක් ඉහළ යා හැකි වනවා.

අධික වර්ෂාපතනත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කලුතර දිස්ති‍්‍රක්කයට නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීමේ රතු නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මකයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කලු කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම මේ වනවිට ක‍්‍රමිකව අඩු වෙමින් පවතින බව යි. කෙසේ වෙතත් පහල ජල ධාරා ප‍්‍රදේශ වල ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09 ක්. දිස්ති‍්‍රක්ක 10 ක පවුල් 14 175 කට අයත් පුද්ගලයින් 57 015 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා. නිවාස 68 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව නිවාස සංඛ්‍යාව 1 885ක්. මේ වනවිට ආරක්ෂිත මධ්‍යස්ථාන 28 ක පුද්ගලයින් 12 000 ක් රදවා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post