News Line| Off Air| Games
Generic placeholder image

Aug
10

දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන්නැයි දුම්රිය මගීන්ට දැනුම් දීමක්

460 Views


දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන්නැයි දුම්රිය මගීන්ට දැනුම් දීමක්

පවතින කොරෝනා වෛරස් අවදානම සැලකිල්ලට ගනිමින් දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන්නැයි දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කරනු ලබනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ, “දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන ලෙසත්, දුම්රිය තුළ ගමන් කිරීමේ දී මුඛ ආවරණ පලඳාගෙන රජයෙන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. දුම්රිය ස්ථානයට ඇතුළුවීමේ දී අත්සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තියෙනවා. එම පහසුකම් භාවිත කර, රෝගය ව්‍යාප්තවීම මැඩපැවැත්වීම සඳහා උදව් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන්ම දුම්රිය සේවය ලබාගන්නා මගියාගේ සහ භාණ්ඩ ප්‍රවාහනකරුගේ අවශ්‍යතාවය පරිදි අනුගත විය යුතුයි. ඒ සඳහා අපි කරන නිරීක්ෂණ චාරිකා සහ මගීන්ගෙන් සහ අනෙකුත් අංශවලින් ලැබෙන ප්‍රතිචාර මත සේවය ලබාදීමට අවශ්‍ය පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post