ට්‍රම්ප්ට පිස්සු. පහුගිය කාලයේ ලෝකය පුරාම කතා වුන මාතෘකාවක් තමයි එ්ක. හැබැයි ට්‍රම්ප් නම් කිව්වෙ එයාට පිස්සු නෑ කියලා.
මතක අැතිනේ අපේ රටෙත් මන්ත්‍රීවරුන්ට පිස්සුද කියලා පරීක්ෂා කරා. එ් වගේ පහුගිය දවසක ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී හිටියා. මේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල එනකං ලෝකයම බලා ගෙන හිටියා.
ඊයේ ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාව අාවා. හැබැයි ට්‍රම්ප්ට පිස්සු කියලා නම් කොහේවත් සදහන් වෙලා නෑ. එ් වගේම බරේ වැඩිකමක් අැරෙන්න ඔහුට ඉහෙන් බහින ලෙඩකුත් නෑ. වාර්තාවේ හැටියට ට්‍රම්ප්ලේ උස අඩි 6 යි අඟල් 3 ක්. බර කිලොග්‍රෑම් 108 ක්.
බර නම් ඉතිං ටිකක් වැඩී කියලයි වාර්තාවේ කියලා තියෙන්නේ. අනිත් Report සේරම සාමාන්‍යයි. කෑම පාලනය කරන්න කියලා විතරයි වෛද්‍යවරු තීරණය කරලා තියෙන්නේ. ට්‍රම්ප් අාහාර රටාව ටිකක් වෙනස් කරලා ව්‍යායාම කරනවා නම් අවුරුදු 200 ක් වුණත් ජීවත් වෙන්න පුළුවන්ලු.
කොහොම හරි ට්‍රම්ප්ට පිස්සු නෑ කියලා වෛද්‍ය වාර්තාවෙන් ඔප්පු වුණා. දැන් කවුරු හරි දැන් ට්‍රම්ප්ට පිස්සු කිව්වොත් ඔහුට පුළුවන් අාඩම්බරයෙන් වෛද්‍ය වාර්තාව පෙන්නන්න. හරියට ලංකාවේ දේශපාලනඥයෝ වගේ.