News Line| Off Air| Games
Generic placeholder image

Jun
12

ඓතිහාසික සමුළුව අතරදී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට “මෘගයෙක්” පෙන්නයි.

1593 Views


ඓතිහාසික සමුළුව අතරදී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට “මෘගයෙක්” පෙන්නයි.

ලෝකයම බලාගෙන හිටිය ඓතිහාසික සමුළුව අද සිංගප්පූරුවේදී පැවැත් වුණා. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අතර. ලෝකයම බලාගෙන සිටියදී මේ සමුළුව සාර්ථකව අවසන් වුණා.

මේ සමුළුවේදී ඩොනල් ට්‍රම්ප් කරපු වැඩක් ගැන මේ වෙද්දී ලෝකයම කතා බහ වෙනවා. ඒ නායකයින් දෙදෙනා දවල් ආහාරය අරගෙන එද්දී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට “මෘගයාව” පෙන්නුවා. “මෘගයා” එහෙම නැත්නම් “The Beast” කියන්නේ ඇමෙරිකානු ජනපතිගේ නිල රථය.

ලිමොසින් වර්ගයේ රථයක් වුන මේ කාර් එක ඇමෙරිකානු ජනාධිපතිවරයාටම හදපු එකක්. සුවිශේෂී ආරක්ෂක ක්‍රම රැසක් මේ නිල රථයේ තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ රථයේ දොර විවෘත කරලා කිම් ජෝන් අන්ට පෙන්නුවා. උතුරු කොරියානු නායකයත් එබිලා බැලුවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මේ රථය ඩොලර් මිලියන 1.6 ක් වෙනවා. මේ රථයේ මිසයිල ආරක්ෂක පද්ධතියක් වගේම රසායනික අවි ප්‍රහාරයකින් ආරක්ෂා වෙන්නත් පහසුකම් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post