News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා එක්ක සැලෝන් එකේදී පැටලුණු තරුණිය මුල් වරට මාධ්‍යට කියපු කතාව මෙන්න.

1847 Views


ජනප්‍රිය නිළි උදාරි පෙරේරා එක්ක සැලෝන් එකේදී පැටලුණු තරුණිය මුල් වරට මාධ්‍යට කියපු කතාව මෙන්න.

ජනප්‍රිය නිලියක වන උදාරි පෙරේරා එක්ක තවත් කාන්තාවක් අතර රූපලාවන්‍යාගාරයක් තුළ ගැටුමක් ඇති වුණා කියල පහුගිය සතියේ සමාජ මාධ්‍ය වලින් තොරතුරු පළවුණා. ඉතින් මේ ගැටුමට මැදිවුන අනෙක් කාන්තාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව්වක් පුවත්පතකට කියල තිබුණේ මේ විදිහේ කතාවක්. ඇගේ නම චේති දිසානායක.

ඇත්තටම එදා වුණේ මොකක්ද?
පරණ සිද්ධියක් නිසයි ඒ බහින්බස්වීම සිදුවුණේ. මගේ සැමියටයි, මටයි උදාරි හරියට තැන තැන බණිනවා කියලා මට ආරංචි වුණා. ඒත් එක්කම මම එයාගෙයි, මගෙයි යාළුකම නවත්තලා දැම්මා. මීට අවුරුදු තුනකට කලින් තමයි ඒ දේවල් වුණේ. මට ඕනකම තිබුණා. ඇයි මම මෙච්චර උදව් කරලත් එයා එහෙම බණින්නේ කියලා. මම එයාව හොයාගෙන ගියත් එයා මාව ඒ හැම වෙලාවකදිම මගහැරියා. එදා අහම්බෙන් තමයි නාවල රූපලාවණ්‍යාගාරයක හම්බ වුණේ. ඒ වෙලාවෙදි මම උදාරට හා කීවා, මැඩම් කොහොමද, ඔයාව මම හොය හොයා හිටියේ’ කියලා. මම කේන්තියෙන් කතා කළා. එතැන හිටපු මගේ යාළුවට උදාරි කීවා ‘ඇයි මේ ගෑනි මේ විදියට හැසිරෙන්නේ මම දන්නෙ නැහැ’ කියලා. ඉතින් එහෙම කීවහම මට කේන්ති ගියා. එයාට මුල අමතකවෙලා. එයා එදා හිටපු විදිහ අද එයා අමතක කරලා. උදාරි බබා වගෙයි එතැන හැසිරුණේ. එතැන උදාරිගේ යෙහෙළියක් හිටියා. මම ඒ කෙනාට කීවා ඔයාගෙ හස්බන්ඩ් පරිස්සම් කරගන්න, සල්ලි තියෙනවා නම් මේ දේවල් කරන්නේ කියලා. එතකෙට උදාරිට කේන්ති ගිහින් මට කුණුහරුපෙන් බණින්න ගත්තා මට හෙණ ගහනවා කියලා.

කොහොමද ඔබ උදාරිව හඳුනන්නේ?
අවුරුදු අටක ඉඳන් දන්නවා. නර්මදා කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ මාර්ගයෙන් තමයි මම ඇයව හඳුනන්නේ. අවුරුදු තුනක ඉඳන් මම එයාව ආශ්‍රය කළේ නැහැ.

ඇයි ඒ ආශ්‍රය නැවැත්තුවේ?
එයාගේ හස්බන්ඩ් උදාරිගේ වුණු වැරැද්දකට ගෙදරින් එළියට දාලා තිබුණා. ඒ වෙලාවේ උදාරි රෑ නවයට විතර කතා කළා. මමයි, මගේ යාළුවෙකුයි උදාරිව මගේ ගෙදරට එක්කගෙන ඇවිත් සති දෙකක් විතර තියාගෙන හිටියා. අපි තමයි එයාට ඊට පස්සේ එපාර්ට්මන්ට් එකක් ගන්න උදව් කළේ. එයා මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් ඒ කිරුළ ගන්න අපි උදව් කළා. එයා ඊට පස්සේ ආශ්‍රය ටික ටික නැවැත්තුවා. මගේ යාළුවෙක් කන්ෆරන්ස් කෝල් එකක් දාලා එයා මටයි, සැමියටයි බණිනවා අහන්න දුන්නා. එදා තමයි මම හිතාගත්තේ මෙහෙම යාළුවෝ මොකටද කියලා. උදාරි ප්‍රසිද්ධ වෙනකොට යාළුවෝ සියල්ල අමතක කරලා එයා පෙන්වන චරිතෙ ‍නෙවෙයි ඇත්ත උදාරි කියන්නේ.

මම එයාගේ මිසිස් ශ්‍රී ලංකා ක්‍රවුන් එක ගන්න මුදල් දුන්නා. එයා මට විතරක් ‍නෙවෙයි මගේ යාළුවෙක්ගෙනුත් සල්ලි අරගෙන තිබ්බා. එයාට මිසිස් ශ්‍රී ලංකා ක්‍රවුන් එක ලැබුණහම චීනයට ගියේ නැහැ. මොකද එයාට හිරු ගෝල්ඩන් සම්මානය ගන්න ඕන නිසයි. එයා මලිත්ටත් බොරු කියලා මිසිස් වර්ල්ඩ් තරගයට යන එක මගහැරියා. එයා ඒ තරගෙට යන්න වීසාත් ලැබුණා. ඒත් එයා ගියේ නැහැ. මට දුකයි, කලකිරීමයි තියෙන්නේ. එයාට මුදල් දුන්නෙත් ඒවා බලා‍පොරොත්තුවෙන් ‍නෙවෙයි. ඒත් එයා සමාජයට පෙන්වන චරිතය ‍නෙවෙයි අපේ ඉස්සරහ තියෙන්නේ.

ඇතැම් අය මේ සිදුවීමෙන් විවිධ කතා පතුරවනවා නේද?
ඇත්තටම උදාරිට ‍නෙවෙයි මටත් සැලොන් එකෙන් එළියට යන්න කීවා. ඒ වගේ සමහර වබේ අඩවි දාලා තිබුණා එයා මගෙන් සල්ලි, රත්රන් බඩු හොරකම් කළා කියලා. ඒ දේවල් නම් බොරු.

මේ ගැන ජනප්‍රිය නිළි උදාරි තමන්ගේ Facebook ගිණුමේ දාල තිබුණේ මේ විදිහේ සටහනක්.


News Articles
Latest Videos
Most Popular Post