News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

රෝහින්ග්‍යාවරුන් ගැන ඔත්තු බැලූ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන ලෙස එක්සත් ජාතින්ගෙන් ඉල්ලීමක්

551 Views


රෝහින්ග්‍යාවරුන් ගැන ඔත්තු බැලූ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන ලෙස එක්සත් ජාතින්ගෙන් ඉල්ලීමක්

සිරදඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කලේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස භාවිත කිරීම නිසා රඳවා ගෙන සිටින සියලූ මාධ්‍යවේදීන් නිදහස් කරන ලෙසි.

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්භන්ධයෙන් වාර්තාකරණයේ නියැලූනු රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එරට අධිකරණය විසින් වසර 07 ක සිර දඩුවම් නියම කලා. නඩුව විභාගයට ගත් අවස්ථාවේ මියන්මාර අධිකරණ විනිසුරුවරයා කියා සිටියේ රාජ්‍යයේ ප‍්‍රතිපත්තීන්ට හානි කිරීමේ අරමුණ ඔවුන් දෙදෙනා සතු වූ බැවින් රාජ්‍ය රහස් පිළිබඳ පනත යටතේ ඔවුන් වරදකරුවන් බවයි. තමන් වරදක් කර නොමැති බවත් නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස පිළිබද විශ්වාසයෙන් පසු වන බවත් සිර දඩුවමට නියම වු රොයිටර් මාධ්‍යවේදී වා ලෝන් සදහන් කළා.

මියන්මාරයේ රඛයින් පළාතේ රෝහින්ග්‍යාවරුන් 10 දෙනෙකු රජයේ හමුදාව විසින් ඝාතනය කිරිම සම්භන්ධයෙන් සිර දඩුවමට ලක් වු මාධ්‍යවේදීන් විසින් සාක්ෂි රැස් කරමින් සිටියදී නීතියේ රැහැනට කොටු වුණා.


News Articles
Latest Videos
Most Popular Post