News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

දන්නා විදුලිය ගැන නොදන්නා කතාවක්.

2128 Views


දන්නා විදුලිය ගැන නොදන්නා කතාවක්.

විදුලිය කියන්නේ මිනිස් ඉතිහාසයේ සුවිශේෂීම සොයා ගැනීම. ලෝකය මෙතරම් දියුණු වෙන්නත් විදුලිය ප්‍රධානම හේතුවක්. මිනිසාගේ යහපතට භාවිතා කරන විදුලිය නිසාම මිනිස් ජීවිත අකාලයේ විනාශ වෙන අවස්ථාත් තියෙනවා.

ඒ අපරික්ෂාකාරී විදුලි පරිහරණය නිසා. විදුලියෙන් කොච්චර ප්‍රයෝජන තිබ්බත් හිතුමනාපෙට පරිහරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටක වසරකට විදුලිය නිසා සිදුවන මරණ සංඛ්‍යාව 20 ක්. ඉන්දියාව වගේ දියුණු වෙමින් තියෙන රටක 10,000 ක් විතර මරණ සංඛ්‍යාවක් විදුලිය නිසා සිද්ධ වෙනවා.

කොහොම වුනත් ලංකාවේ වසරටක සිද්ධ වෙන විදුලි මරණ සංඛ්‍යාව 100 ක්. හැබැයි ලංකාවට මේ මරණ සංඛ්‍යාව තවත් අඩු කර ගන්න පුළුවන්. අනතුරු අවම කර ගන්න නම් විදුලි අනතුරු සිද්ධ වෙන හැටි දැන ගන්න එපැයි. මේ තියෙන්නේ විදුලියෙන් අනතරු සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්.

1- නීති විරෝධී ලෙස විදුලිය ඇදීම්.
a 1A – නීති විරෝධී ලෙස (හොරෙන්) විදුලි රැහැන් මගින් විදුලිය ලබාගැනීම.
b 1C – සතුන් දඩයම් කිරීමටල වගා ආරක්ෂා කිරීමට අදින අනාරක්ෂිත නීති විරෝධී විදුලි රැහැන් හේතුවෙන්.

2- අනාරක්ෂිත පරිසරයක වැඩකිරීම
a 2A – පළුදුවූ, කැඩුනු විදුලි උපකරන භාවිතය.
b 2B – නිවසින් පිටතට අනාරක්ෂිත ලෙස අදින ලද විදුලි රැහැන්.
c 2C – බිම පතිතවී ඇති විදුලි රැහැන් ඇල්ලීම.
d 2D – ගොඩනැඟිලි රැහැන්ව (යරින්) කිරීමේදී ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිත ලෙස සිඳු කිරීම.

3- අත්වැරදීම් සහ නොසැලිකිලිමත්කම නිසා සිදුවූ අනතුරු.
a 3A – විදුලි රැහැන් ආශ්‍රිත ක්‍රියාකාරකම්.
b නිවසේ සිදුකරන ලද කුඩා ප්‍රමාණයේ අළුත්වැඩියා කටයුතු.
c විදුලි උපකරණ සම්බන්ධ කිරීමෙදී සහ විසංධි කිරීම්.

4- සේවා සපයන ආයතන මඟින් ආරක්ෂණ ක්‍රියා පටිපාටි නිසි පරිදි අනුගමනය කර නොතිබීම.

ඉහත වැරදි නිසා වසරකට 2015 සහ 2016 වසර වල සිදු වුන මරණ සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ.

බැලු බැල්මටම පේනවා වැඩිම මරණ සංඛ්‍යාවක් වෙලා තියෙන්නේ නීති විරෝධිව විදුලිය ලබා ගැනීම් වලින් කියලා. ලංකාවේ නීතියට අනුවත් නීති විරෝධිව විදුලිය ලබා ගැනීම දඬුවම් ලබන්න පුළුවන් වරදක්. මේ විදියට අනාරක්ෂිතව විදුලිය ලබා ගැනීමක් නිසා පුද්ගලයෙක් මිය ගියොත් එය නොසැලකිලිමත්කමින් සිදු කරපු මනුෂ්‍ය ඝාතනයක් විදියට තමයි සැලකෙන්නේ.

2017 වාර්තාවලට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වෙලා තියෙන්නේ සතුන් දඩයම් කරන්න නීති විරෝධිව ඇදපු විදුලි රහණ නිසා. අනුන්ට කපපු වලේ තමන්ම වැටෙනවා කියන්නේ මේ වගේ අවස්ථා වලට. ඒ නිසා මේ වගේ අනාරක්ෂිත විදුලි රහණ දැක්කොත් ඉක්මනටම ළඟම පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට, ලෙකෝ ආයතනයට හරි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට හරි දැනුම් දෙන්න.

සරුංගල් යවන එක පුංචි දරුවන්ගේ ප්‍රියතම විනෝදාංශයක්. ගම්වල දරුවන් වෙල් එළිවල සරුංගල් යැව්වට නගරයේ දරුවන්ට එහෙම ඉඩකඩ නෑ. ඒ නිසා ඔවුන් කරන්නේ විදුලි රහණ අතරින් සරුංගල් යවනවා. මේ නිසා සිදුවුන අනතුරු ගණනාවක්ම වාර්තා වෙනවා. ඒ නිසා ඔබේ දරුවත් සෙල්ලම් කරද්දී අනාරක්ෂිත කියලා හොඳින් හොයලා බලන්න.

ගෘහාශ්‍රිතව සිද්ධ වෙන අනතුරු වලට ප්‍රධාන හේතුවක් තමයි ට්‍රිප් ස්විච් එකක් නොමැති වීම හෝ තියේ ට්‍රිප් ස්විච් එක ක්‍රියා නොකිරීම. සාමාන්‍යයෙන් ගෙදරකට සුදුසු මිලි ඇම්පියර් 30 ක සංවේදීතාවක් තියෙන ට්‍රිප් ස්විච.

මේ නිසා සුදුසුකම් තියෙන, පළපුරුදු විදුලි කාර්මිකයෙක්ට කියලා ඔබේ නිවසේ ට්‍රිප් ස්විචය සවි කර ගන්න. ප්‍රමිතියෙන් යුතු විදුලි උපාංග, පේනු (Plug) හා කෙවෙනි (socket) භාවිතා කරන්නත් දෙපාරක් හිතන්න එපා. ඒ වගේම මසකට සැරයක් නිව්ස් ට්‍රිප් ස්විචය ක්‍රියකාරිද කියලා පරික්ෂා කරන්න.

විදුලියෙන් වන අනතුරු වළක්වා ගන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීම, විදුලි කාර්මිකයන් බලපත්‍රකරන යාන්ත්‍රනය හඳුන්වාදීම සහ විදුලිබල සේවා සපයන ආයතනවල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂණ සහ තාක්ෂණ කලමනාකරන සැළැස්මක් හඳුන්වාදීම ඒ අතරින් ප්‍රධානයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරනවා වගේම ආරක්ෂිතව භාවිතා කරලා ඔබෙත් අන් අයගෙත් ජීවිත ආරක්ෂා කර ගන්න.


News Articles
Latest Videos
Most Popular Post