News Line| Off Air| Games
Generic placeholder image

Aug
4

“බල්ලන්ට සපත්තු පළඳවන්න” – පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

525 Views


“බල්ලන්ට සපත්තු පළඳවන්න” – පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

මිනිස්සු සපත්තු සෙරෙප්පු දැම්මට සත්තු කවද්ද සපත්තු දැම්මේ. හැබැයි බල්ලන්ට සපත්තු පළඳවන්න කියලා පොලීසියම මහජනතාවට දැනුම් දීලා. හැබැයි ලංකාවේ නම් නෙවෙයි. ස්විට්සර්ලන්තයේ සූරික් නගරයේ.

මේ දවස්වල යුරෝපයේ තියෙන්නේ තාරත් වාෂ්ප වෙන තරමේ රස්නයක්. මිනිසුන්ට තියා සතෙක් සිව්පාවෙක්ටවත් ඒ රස්නේ දරා ගන්න බෑ. අධික උණුසුමෙන් රත් වුන මාර්ගවල ඇවිද යාමේදී බල්ලන්ගේ යටිපතුල් පිළිස්සෙන නිසා මේ විදියට බල්ලන්ටත් සපත්තු පළඳවන්න පොලීසිය උපදෙස් දීලා තියෙනවා.

ඒ වගේම වැඩියෙන් සතුන්ට වතුර දෙන්න කියලත් සූරික් නගරයේ පොලීසිය ජනතාවට උපදෙස් දීලා තියෙනවා. ස්විට්සර්ලන්තය 1864 වසරෙන් පසු වැඩිම උෂ්ණත්වයකින් යුත් සරත් සෘතුව මේක.


News Articles
Latest Videos
Most Popular Post