News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

අද කාලගුණය

732 Views


අද  කාලගුණය

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත වල අහස වලාකුළින් බර ව පවතී.

බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු පළාතේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද,නැගෙනහිරසහ ඌව පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (02) දහවල් 12.10රඹවැව , මහව, පොල්පිතිගම, නුවරගල සහ තාවපුරම් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී..


News Articles
Latest Videos
Most Popular Post