News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

කොළඹට කිලෝමීටර 1500 ක් දුරින් සුළි කුණාටුවක්.

2006 Views


කොළඹට කිලෝමීටර 1500 ක් දුරින් සුළි කුණාටුවක්.

ඊයේ ඉඳන් තියෙන ඉවරයක් නැති වැස්ස නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙලා තියෙනවා. අදත් රට වටේටම වැසි ඇඳහැලෙනවා කියලයි කාලගුණය වාර්තා කරන්නේ.

ඒ වගේම ගිනිකොණ දිග අරාබි මුහුදු ප‍්‍රදේශයේ පැවැති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹට කිලෝමීටර් 1500ක් දුරින් පවතිනවා. එය ඉදිරි පැය 24ක කාලය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙලා දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා එම මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතුවලින් වැළකී ඉන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ද අපේ්ක්ෂා කළ හැකියි. මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ල සහ මාරත හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70ත් 80 ත් අතර අගයකින් ඉහළ යා හැකියි. එම නිසා ඒ මුහුදු ප‍්‍රදේශ රළු විය ස්වභාවයක් ගන්නවා.

මේ අතර කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් මිල්ලකන්ද, බද්දේගම සහ දූනමලේට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post